Print this Article


සමාජ අසාධාරණයද? කර්ම ශක්තියද?

සමාජ අසාධාරණයද? කර්ම ශක්තියද?

බුදුරජාණන් වහන්සේ පින පිළිබඳව මා පුණ්‍යභායි සූත්‍රයෙහි වදාරා ඇත.පින්වත් මහණෙනි,පින් කිරීමට බියවන්නට එපා. යනුවෙන් දේශනා කරයි. පින යනු සැපයට නමක් බවත් පැවිදි උතුමන්ටත් ගිහියාටත් පින උපකාරී වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.

පැවිදි උතුමන්ට සාරය හෙවත් හරය තුළ අඛණ්ඩව ජීවත් වීමටත්,ගිහියාට සාරය තුළ ඉඳීමින් ගිහි ජීවිතය සාර්ථක කරගැනීමටත් උපකාරී වෙයි.පින පිහිටක් නොවුණ හොත් භාවනා කර රහත් වීමටත් ,ගිහියෙකු ලෙස පන්සිල් ආරක්ෂාකරගෙන ගිහි ජීවිතය දියුණු කරගැනීමටත් හැකියාව නොලැබෙයි. එම නිසා පින සියලු දෙනාටම අත්‍යවශ්‍ය කාරණාවක් වෙයි. පින නොමැතිව ඔබගේ ජීවිතය සාර්ථක කරගැනීම අතිශයින් දුෂ්කර වෙයි. සාමාන්‍ය සමාජය තුළ ජීවත් වන පුද්ගලයන් ආයුෂ , වර්ණ, සැප , බල,ප්‍රඥාව යන කාරණා පහ තුළ විවිධ මට්ටම්වලට අයත්ව ජීවත් වෙයි.ඇතැම් පුද්ගලයන්ට පින් කමක් කිරීමට සිතුවත් එම පින්කම කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයාගැනීමට බොහෝ කාලයක් ගත වෙයි. ලංකාව තුළ රුපියල් පන්දහස මට්ටමක වැටුපක් ලබාගන්නා ප්‍රමාණය 45. 3% ක් පමණ සිටි. ඒ තරම් විශාල පිරිසකගේ මූලික වැටුප එම කොටසට අයත් වෙයි. එය ඔවුන්ගේ උත්සාහ පිළිබඳ කාරණයක් පමණක් නොවෙයි.සෙසු පුද්ගලයන් සේම ඔවුන්ද පෙරවරු අටහමාරට සේවයට ගොස් සවස පහ හය වන තෙක් වැඩ කළත් එම පිරිස ලබන වැටුප එපමණයි.

කර්ම ශක්තිය

මේ ලෝකය තුළ ඇතැම් කොටසක් ඉතාම දුප්පත් ලෙස ජීවත් වීමටත් ඉතාම පොහොසත් ලෙස ජිවත් වීමටත් කිසියම් කර්ම ශක්තියක බලපෑමක් තිබිය යුතුයි. යම් පිනක් හෝ යම් පවක් ඒ සඳහා විශාල බලපෑමක් කර තිබෙයි.ඇතැම් භෞතික වාදී විග්‍රයන්ට අනුව ඇති නැති පරතරය සමාජ අසාධාරණය නිසා ඇතිවන දෙයක්.සමාජ අසාධාරණයත් එය සඳහා බලපා අතිවුවත්, බෞද්ධ විග්‍රයට අනුව ප්‍රධාන වශයෙන් ඇති නැති පරතරය තුළ පුද්ගලයන් උප්පත්තිය ලබන්නේම එයට බලපානු ලැබූ කර්ම ශක්තිය අනුවයි. සමස්ත තලයෙන් විශාල ප්‍රමාණයක් බුක්තිවිදින්නට,පරිභෝජනය කිරීමට අවස්ථාව ඇති පවුලක කුඩා දරුවෙකු පිළිස¼ිද ගනු ලැබුව හොත්,අවම වැටුප වශයෙන් මාසයකට රුපියල් පන්දහසක වැටුපක්වත් සොයාගැනීමට අපොහොසත් පවුලක කුඩා දරුවෙකු පිළිසිඳ ගත හොත් මේ දෙදෙනා කවුරුන් හෝ විසින් අසාධාරණ ලෙස කරන ලද බෙදීමක්ද?දරුවන් දෙදෙනෙකු එවැනි ස්ථාන දෙකකට යවනු ලබන්නේ කවුරුන් විසින්ද?අප ඉතාම බුද්ධිමත් ලෙස තේරුම් ගත යුතු කාරණාව එයයි.

සමාජ අසාධාරණයද?

එක පිරිසක් ඉතාම හොඳ ස්ථානයකට යැවීමටත්,තවත් පිරිසක් ඉතාම නරක ස්ථානයකට යැවීමටත් යමිකිසි අයෙකු කල්පනා කරනවා නම්, ඔහු ඉතාම භයානක අයහපත් අයෙකු විය හැකියි.ආගමික කතුවරුන්ට තමන්ගේ අනවබෝධය නිසා ආගමික කතුවරුන්ට එවැනි චෝදනා එල්ල කිරීම ඉතාම නරක ක්‍රියාවක්. එය දෙවියන්ගේ කැමැත්ත ලෙස ප්‍රකාශ කළ නොහැකියි.

සමාජ අසාධාරණය ලෙස විග්‍රහ කළ නොැහැකියි. ඉතා කුඩා බිළිෙඳකු දුප්පත් නිවසක ඉපදීම සමාජ අසාධාරණය වන්නේ කෙසේද? කම්මං සත්තේ විභජති. කළ කර්ම සත්ත්වයා බෙදනු ලබන බව බුදුරජාණන් වහන්සේ වදාරයි. යති දං හිනනීත තායාති. උසස් පිරිස සහ පහත් පිරිස ලෙස බෙදනු ලබයි.එම තත්ත්වය තීරණය කරන ප්‍රධාන සාධකය කර්මයයි. කර්මය යනු පුද්ගලයා විසින් සිතා මතා කරනු ලබන දෙයක් වෙයි. චේත ඉත්වා කම්මං කරෝති සිතා මතා කළ ක්‍රියාවයි. කායේන වාචාය කයින් සහ මනසින් කරන ලද කර්මවල ප්‍රතිවිපාක විඳීමට අපගේ භවය මේ ආකාරයෙන් සැකසෙයි.

පින සහ පව

සංසාරය පුරා අප විසින් කරනු ලැබු පින් දහම් අනුව මේ තලය අපට උදාකර දෙනු ලැබුවත්, එය සඳහා උත්සාහය වීර්යය අවංකාභාවය දැන උගත්කම යන සියලු කාරණා බල නොපෑ බවට කිව නොහැකි. උත්සාහය වීර්යය දැන උගත්කම් ඇති පිරිස සිටියත් යම් ස්ථාවරයකට නොපැමිණි පිරිස් සිටී. එය පින පව පිළිබඳ සංකල්පය ඉතාම ප්‍රබල ලෙස බලපැවැත්වෙන ස්ථාන වෙයි.උත්සාහය වීර්යවන්තකම තිබුණත් කිසිම දෙයක් නැතිව හැමදාම එකම තැන සිටී. එතන පින පව පිළිබඳ ප්‍රශ්නය මිනිසුන්ට බලපෑම් කරනු ලබන්නේ කුමන ආකාරයෙන්ද? යන වග අපට දක්නට ලැබෙයි.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ප්‍රත්‍යලාභීන් අතර අගතැන්පත් ස්වාමීන් වහන්සේලා වැඩ සිටියා.සෑම ස්වාමීන් වහන්සේලාටම වැළඳීමට දානය ලැබුණත් , සීවලි ස්වාමීන් වහන්සේ ඒ අතර අගතැන් පත් වෙයි. එය සීවලි රහතන් වහන්සේ ගේ පිනයි.එවැනි ආකාරයෙන් අසීමාන්තිකව ලැබෙන පිරිස් සිටී. සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාට මුදල් හෝ දාන මාන ලැබෙන ක්‍රමයට වඩා අසීමාන්තිකව ලැබීම උන්වහන්සේ ගේ පිනයි. ඒ පිරිස සංසාරය පුරා දීපූ ආකාරය අනුව ඔවුන්ට ලැබෙයි. එය එවැනි ආකාරයෙන් තේරුම් නොගත හොත් අප ඊර්ෂ්‍යාකාරයන් වීම වැළැක්විය නොහැකියි. යමෙකුට ලැබෙන ලැබීම් ඔහුගේ පුණ්‍ය ශක්තියට අනුව පුබ්බේච කත පුඤ්ඤතා යන පෙර කරන ලද පින අනුව ලැබෙන බව තේරුම් ගත යුතුයි. එය අප විසින් තේරුම් නොගත හොත්, එය ලැබෙන පුද්ගලයාට අප විශාල වශයෙන් ඊර්ෂ්‍යා කිරීමට පටන් ගනී.

ඊර්ෂ්‍යා චෛතසිකය

එම ඊ්ර්ෂ්‍යාව පළමුවෙන්ම තමන්ට හානි කරනු ලබයි.ඊර්ෂ්‍යාවෙන් අනෙකාට විශාල හානියක් කළ හැකි වෙතැයි, යන විශ්වාසය තබාගෙන බොහෝ දෙනෙක් ඊර්ෂ්‍යා කරනු ලබයි. පුපුරන ඊර්ෂ්‍යාවක් සිත තුළ තබාගෙන මෙවැනි ආකාරයෙන් යමක් ප්‍රකාශ කළ විට ඔහු හෝ ඇය විනාශ කළ හැකි බවට සිතයි. යමිකිසි ආකාරයකින් යමෙකුගේ ඊර්ෂ්‍යාවක් නිසා යමිකිසි අයෙකුට කිසියම් ප්‍රමාණයක හානියක් විය හැකියි. එය විය නොහැකි බව ප්‍රකාශ කළ නොහැකියි. නමුත් විශාල හානිය සිදුවන්නේ තමාටමයි. විශාල ලෙස දැවෙමින් රත්පැහැ ලෙස දිලිසෙමින් තිබෙන අ¼ගුරු වළකට අත දමා ලබාගත් ගිනි අඟුªරුවලින් තවත් අයෙකුට පහර දීමක් ලෙස ඊර්ෂ්‍යාවෙන් කරනු ලබන ක්‍රියාකාරකම් සමාන කළ හැකි බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.

සංසාරික කරම්වල ආනිශංස

අඟුªරු වළකට අත දමා ගිනියම් වූ අඟුªරු මිටකින් කාට හෝ ගහනවා නම්, පළමු කොටම ඔහුගේ අත හොඳටම පිළිස්සෙයි.ඔහුට හෝ ඇයට පහර දෙන විට අ¼ගුරු කැබැල්ලක් දෙකක් වැදිය හැකියි. කෙනෙකුගේ සැප,සම්පත්, සතුට, කීර්තිය, බලය,ලැබීම ඔහුගේ උත්සාහය හෝ දක්ෂ පක්ෂකම් පමණක් නොව පෙර පිනත් එයට සම්බන්ධ බව අපට තේරුම් ගැනීමට බැරිව ගිය හොත් විශාල හානියක් තමාට සිදුකරගනී. ඊර්ෂ්‍යාවෙන් ක්‍රියා කිරීම එක කාරණවක් වන අතර ඊර්ෂ්‍යාවෙන් සිතමින් සිටීම එයටත් වැඩිය භයානක කාරණාවක් වෙයි. ඊර්ෂ්‍යාකාර මනසකින් යුක්තව සිතමින් අනෙකා පිළිබඳව කල්පනා කරමින් සිටීම වෙනත් අයෙකු මැරිය යුතු බවට සිතාගෙන තමන් වස පානය කළා වගේ ක්‍රියාවකට සමාන කළ හැකියි. අනෙකා මැරිය යුතු බවට සිතාගෙන තමා වසපානය කළාට මැරෙන්නේ තමන් මිස අනුන් නොවෙයි. ඊර්ෂ්‍යාව එවැනි පවිටු චෙතසිකයක් වෙයි. ඊර්ෂ්‍යාව ඉතාම නරක අසෝබන ලස්සන නැති චෙතසිකයක් වෙයි. එය පිරිසුදු ප්‍රසන්න යහපත් චෙතසිකයක් නොවෙයි. එම නිසා අපට අනෙකාගේ පින තේරුම් ගැනීමට බැරිව ගියහොත් අප ඊර්ෂ්‍යාකාරයන් වීම නැවැත්විය නොහැකියි. අනුන්ගේ දක්ෂතා, ලැබීම්, කීර්ති, ප්‍රශංසා පිළිබඳව ඔහුගේ මේ ලෝක කර්මවල ආනිශංස සහ සංසාරික කරම්වල ආනිශංස ලෙසයි.යමෙකුගේ සාර්ථකත්වයට ඔහු හෝ ඇය කුඩා කළ සිට මේ ලෝකය තුළ කරනු ලබන ක්‍රියාවන්ද බලපානු ලබයි. එය දිට්ඨ ධම්ම ෙවිදනීය ආනිශංස වෙයි. පුබ්බෙච කත පුඤ්ඤතා පෙර කළ කර්මද ඔහුට බලපානු ලබයි. ඉතාම යහපත් කර්ම ශක්තිීන් අපගේ ජීවිතයට බලපෑමක් කරනු ලබයි. පින මේ ආකාරයෙන් පැවිදි උතුමන්ටත් ගිහියන්ටත් උපකාරී වන බව බුදුසමයෙහි මූලික පැහැදිලි කිරීමක් වෙයි.