Print this Article


සංස්කෘතිය රැකගනිමු

සංස්කෘතිය රැකගනිමු

මෙම ලිපියෙහි තවත් කොටසක් බක් පුර අටවක පෝදා (අප්‍රේල් 03වැනිදා) පත්‍රයේ පළවිය.

නැවත ස්වයං විෙවිචනයක යෙදීම බුදුදහමේ උගන්වනු ලබන විශිෂ්ට කාරණාවක් වෙයි. නිතර ස්වයං විෙවිචනයෙහි යෙදෙමින් තමන්ගේ අඩුපාඩු තිබුණාද? යනුවෙන් සිතන්නට, භික්ෂූන් වහන්සේලාට දේශනා කරනු ලැබුවත්, එය භික්ෂූන් වහන්සේලාට පමණක් වලංගු වන කාරණාවක් නොවන අතර,ගිහි සමාජයටත් ප්‍රයෝජනවත් වෙයි.

අම්මා තාත්තා ඇතුළුව පවුලේ ගිහිජීවිතය ගතකරනු ලබන සෑම පුද්ගලයාටම වැදගත් වන බුද්ධ භාෂිතයක් වෙයි. තමන් තමන් පිළිබඳව ගෙවිෂණය කිරීම ස්වයංවිෙවිචනය වෙයි. අපගේ ඇස් ඉදිරිය බැලීමට පිහිටා තිබෙයි. කන පිහිටා තිබෙන්නේ අවට දේ ශ්‍රවණය කිරීමටයි. ඉන්ද්‍රියයන් සියල්ලම සමාජයට පරිසරයට දිශාභිමුඛව පිහිටා තිබෙයි. පුණ්‍ය කාලය තුළ සිදුකරනු ලබන්නේ ඊට වඩා වෙනස් කාරණාවක් වෙයි. තමා පිළිබඳව සිතමින් තමාගේ අඩුපාඩු සෙවීමයි. ඇතැමි පිරිස් පුණ්‍ය කාලය තුළ තමාගේ පෙර පැවැති අඩුපාඩුවලින් මෙපමණ කොටසක් හදාගන්නා බව සිතමින් සිත හදාගනී. ඇතැමුන් එසේ සිදුකරනු නොලබයි. ඇතැමි පිරිස් ලබන අවුරුද්දට හදාගන්නා බව සිතමින් කල් දමයි.

නැකැත් චාරිත්‍ර

සිංහල අලුත් අවුරුදු නැකැත් පිළිබඳව කතා කරන විට ඔය නැකැත් කර හරියනවාද? යනුවෙන් ඇතැමුන් ප්‍රශ්න කරයි. ඔය නැකැත් අනුව වැඩකටයුතු කළාට නිවන් දකින්න පුළුවන්ද?නැකැත් බුදුරජාණන් වහන්සේ අනුමත කළාද?නැකැතට සහල් ලිප තැබුවාට සහල් මිල අඩුවෙනවාද?නැකැතට ගනුදෙනු කළාට වැඩිපුර මුදල් අතට ලැබෙනවාද? වැටුප වැඩි වෙනවාද? එවැනි තර්ක කරන පිරිසක් වර්තමාන සමාජයෙහි අලුතෙන් බෝෙවිගෙන එන ප්‍රවණතාවයක් දක්නට ලැබෙයි.

නැකැත් චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ කිසියම් ලාභයක් බලාපොරොත්තුව නොවෙයි. නැකැත් චාරිත්‍ර ඉටුකිරීමෙන් සිංහල සංස්කෘතිය තුළ තිබුණ සිරිත් විරිත් එදා යුගයේ සිටි වැඩිහිටියන් සිදුකරගෙන එනු ලැබූ පිළිවෙළ අප අනුගමනය කරනු ලබයි.

සංස්කෘතිය පවරාදීම

අප එය අනුගමනය කළ යුතුයි. අප එය අනුගමනය කළ යුතු වන්නේ අප මේ සංස්කෘතිය අනාගතය පවරාදෙනු ලබන පිරිසක් නිසයි. අද කිසියම් නිවසක ජීවත් වන අම්මා තාත්තා එම නැකැත් චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කළාද ?එම පවුලේ දරුවන් වැඩිහිටි වූ විට අම්මා තාත්තා කළ චාරිත්‍ර ඉගෙන ගෙන කරනු ලබයි. දෙමවුපියන්ගේ වගකීම නම්, තමන්ගේ හරධර්ම,සාරධර්ම,ගුණ ධර්ම, චාරිත්‍ර ධර්ම දරුවන්ට කියා දීම, සංස්කෘ-තිය බාල පරම්පරාවට පවරාදීමක් ලෙස හඳුන්වනු ලබයි. එම නිසා සෑම නිවසකම සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ධර්ම ඉෂ්ට සිද්ධ කළ යුතුයි. අද පවතින කාලයත් සමඟ ඇතැම් නැකැත් චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කිරීමට බැරි වන අවස්ථා දක්නට ලැබෙයි. උදාහරණයක් වශයෙන් අවුරුදු ආරම්භ කළ යුත්තේ මුළුතැන්ගෙය අසපස් කරමින්. ලිප්බොක්කේ තිබෙන අළු අස්කරමින් සිංහල අලුත් අවුරුදු කුස්සිය අවුරුද්දට සකස්කරනු ලැබුවත්,වර්තමානය තුළ බොහොමයක් නිවෙස්වල අළු නැහැ. එම නිසා එම නැකැත නොකළාට ප්‍රශ්නයක් නැහැ.

අළු තිබෙන අය අළු අස්කරන්න . රෙදි තිබෙන අය රෙදි සෝදන්න. ඇතැම් අය ඇදපු ඇඳුම් ටික සෝදගන්න උනන්දු වන්නේ නැහැ. පරණ අවුරුද්දේ පරණ ඇඳුම් සියල්ල සෝදන්න. ඇතැම් ගෙවල්වල කුණු පිරුණු මුලුවලට ජීවිතයට අඩිය තියලා නැහැ. රෙදි පෙරෙදි කුණු ගොඩ ගසමින් තබාගන්න බැහැ. අවුරුද්දට ඒ සියල්ලම අලුත් විය යුතුයි. ගෙදර කුණු අස්කර, කිලිටි රෙදි සෝදා, මකුළු දැල් කඩා , අලුතෙන් තීන්ත ආලේප කර පිරිසුදු කළ යුතුයි.

ගෙදර දියුණුව

කිසියම් ගෙදරක එම නැකැත් චාරිත්‍ර නොකෙරෙනවා නම්, එම ගෙදර මූසලයි. එම ගෙදර දියුණුවක් නැහැ වගේම නිවස තුළ ජීවත් වන පිරිසගේ මනසෙහි සතුටක් නැහැ. කැලෑව වගේ අපිරිසුදුවට ගඳ ගසමින් තිබෙන එවැනි ගෙවල්වල භූතයොත් පදිංචි වෙයි. සමහර ගෙවල්්වල මුළුතැන්ගෙයට යෑමට සිදුවන්නේ ඇඟිලි තුඩින් නාසය වසාගෙනයි.මුළුතැන්ගෙය ලස්සනට පිරිසුදුව තබාගත යුතුයි. එම කටයුතුවල ආරම්භය මෙම නැකැත් චාරිත්‍ර වලින් ලැබෙයි. එම කටයුතු නිසි පරිදි සිදුනොවන ගෙවල්වල දියුණවක් නැහැ. මේ ගෙදරට කෙතරම් හම්බකළත් කිසිම දියුණුවක් නැහැ. හම්බකරන සියල්ල මකර කෙටි දැම්මා වගෙයි කියා ප්‍රකාශ කරන අවස්ථා නැතිවා නොවෙයි. ගෙයක් දොරක් අස්නොකර අරපිරිමැස්මක් නැතිව , වෙලාවට අවදිනොවී හත අට වනතෙක් නිදාගෙන සිටින , නිදාගන්න ෙවිලාවක් නැති පිරිස් සිටී.

චාරිත්‍ර ධර්ම

අපේ සංස්කෘතිය තුළ සිටි මිනිසුන් එකම ෙවිලාවක නිදාගෙන එකම වෙලාවකට අවදි වුණා. වර්තමානය වන විට ඇතැම් සංස්කෘතික විපරිණාමත් සමඟ අම්මා නිදි. ස්වාමිපුරුෂයා අන්තර්ජාලය තුළ රැෙඳන නිසා නිදාගැනීමට එන්න ෙවිලාවක් නැහැ. රෑ දෙක තුන වෙනතුරු අන්තර්ජාලයේ සිටින නිසා උදේට අවදිවෙන්න අපහසුයි. සුදුසු වෙලාවකට නින්දත් නැහැ. තාක්ෂණයත් සමඟ සංස්කෘතිය පිළිබඳව ගැටුම් නිර්මාණය වෙයි.තාක්ෂණය හොඳ දෙයක් වුවත් , නිවැරැදි අවබෝධයෙන් ගත කරගෙන ගියේ නැත්නම්,වදුරාට දැලි පිහිය අසුවුණා වගේ වැඩක්. අන්තර්ජාල පහසුකම් අයහපත් නොවුණත්, එය බුද්ධිමත්ව පරිහරණය නොකිරීම නිසා වඳුරන්ට වැඳීරියන්ට දැලි පිහි අසුවෙලා වගෙයි. බුද්ධිමත් විය යුතුයි.

සිංහල සංස්කෘතියක උත්සවය, එම නැකැත් චාරිත්‍ර නිවැරැදිව අනුගමනය කළ යුතුයි. චාරිත්‍ර නිවැරැදිව කළ යුත්තේ සංස්කෘතියක ජීවත් වන නිසයි. සංස්කෘතියක ජීවත් වන හැම කෙනෙකුටම එම සංස්කෘතිය තුළ තිබෙන චාරිත්‍ර ධර්ම උත්සව සැමරුම් සිදු කරන්න වෙයි. මේ සංස්කෘතියෙහි තිබෙන නැකැත් චාරිත්‍ර ඉෂ්ට නොකළ යුතු යැයි සිතන පිරිසක් සිටිනවා නම්, මෙම සංස්කෘතිය තුළ ජිවත් නොවන පිරිසක් වෙයි. සංස්කෘතියක ජීවත් නොවන පිරිසට නැකැත් අවශ්‍ය නැහැ. නැකැතට ගනුදෙනු කිරීම අවශ්‍ය නැහැ.නැකැතට ලිප ගිනි මෙළවීම අවශ්‍ය නැහැ.ඔවුන්ට සංස්කෘතියක් නැහැ.සංස්කෘතිය පිළිනොගන්නා එම පිරිස මහ පොළොවත් සමඟ බැඳුනු පිරිසක් නොවෙයි. සංස්කෘතියක් නැතිව උඩින් පහත් වුණ එම පිරිසට කල්ලතෝනි වශයෙන් හැඳින් විය හැකියි. කල්ලතෝනින්ට නැකැත් චාරිත්‍ර අනුගමනය කිරීමට අවශ්‍ය නැහැ.

සංස්කෘතියක ජීවත්වීම

ඔබ ජීවත්වන්නේ සිංහල සංස්කෘතිය තුළ නම්,අනිවාර්යෙන්ම තමන්ගේ නිවස තුළ සියලු චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කළ යුතුයි. සංස්කෘතියක් නැති කල්ලතෝනින් යමක් පිළිබඳව සිතන ආකාරයයි, සංස්කෘතියක ජිවත්ව සිටින පිරිස සිතන ආකාරයයි අතර සිතන ක්‍රමෙවිදයේ වෙනසක් පවති. සංස්කෘතියක් නැති පිරිස යමක් පිළිබඳව සිතන විට සිතන්නේ ඔහුගේ බඩ හා සාක්කුව පිළිබඳව පමණයි. තමන්ගේ බඩපිරෙනවා නම්, තමන්ගේ සාක්කුව පිරෙනවා නම්, අවශ්‍ය එපමණයි. එවැනි පිරිසට සංස්කෘතියක් අවශ්‍ය නැහැ. සංස්කෘතියක ජීවත් වන පුද්ගලයෙකු යමක් සිතන විට ඊට වඩා වෙනස්ව සිතයි. තමන්ගේ බඩ, සාක්කුව වගේම සමාජය පිළිබඳවත් සිතීමට පෙළඹෙයි. සාරධර්ම ,ගුණ ධර්ම ,බාල පරම්පරාව ,පිළිබඳව සිතයි. ඔවුන්ට බොහෝ දේ සිතිමට තිබෙන නිසා වැරැදි කිරීමේ හැකියාවක් නැහැ. මම මෙවැනි ආකාරයෙන් හැසිරුණහොත් සමාජයට හානියක් සිදුවෙයිද?මම මෙවැනි ආකාරයෙන් කටයුතු කළ හොත් දරුවන්ට හානියක් වෙයිද? මම ඒ දේ කළ හොත් සමාජයෙහි වරදක් බවට පත් වෙයිද?සංස්කෘතියක ජීවත්වන පුද්ගලයෙකුට පුළුල් පරාසයකින් සිතන්න ඉඩකඩ ලැබෙයි.

ඒ සඳහා ඔවුන්ට සංස්කෘතිය ආරක්ෂා කරගැනීම අවශ්‍ය වෙයි. එවැනි පිරිසට පමණක් නැකැත් චාරිත්‍ර අවශ්‍ය වෙයි.