Print this Article


එලෙසබෞද්ධයෙක් වෙනවාද?

එලෙස බෞද්ධයෙක් වෙනවාද?

සිල් තියෙන්නේ සමාදන් වෙන්න පමණක් නොෙවි.රකින්නටය. පිරිත් ඇත්තේ ගුවන් විදුලියෙන් ඇහෙන්න සලස්්වා නිදාගන්නට නොව සජ්ඣායනා කරන්නටය. ගාථා ඇත්තේ මතුරන්න නොව වන්දනාවටය. බණ ඇත්තේ අසා වින්දනයක් ලබන්නට නොෙවි. වෙනස් වෙන්නට, පිළිගන්නට හා පිළිපදින්නටය. බුදු සිරිත ඇත්තේ හුදෙක් ඉගෙන ගන්නට පමණක් නොව අනුගමනය කරන්නටය.

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වන වෙසක් දිනය ශ්‍රී ලංකාවේ සමරන්නට අපි ලහි ලහියේ සූදානම් වෙමු. මේ 2017 වෙසක් උත්සවය නොවේ. මේ 2561 වන වෙසක් උත්සවයයි. එය රාජ්‍ය වර්ෂ 2017 මැයි මාසයේ සැමරෙන බව පමණක් නිවැරැදිව සඳහන් විය යුතුය. සම්බුදු සිරිත හදාරන්නේ කුමකටද? සම්බුදු සිරිත හදාරන්නේ ඉන් කුල්මත් වීමට නම් හෝ විභාග සමත් වීීමට නම් හෝ වින්දනයක් ලැබීමට නම් හෝ එය ඒක පාර්ශ්වීය ඵල ලාභයකි. සැබවින්ම සම්බුදු සිරිතෙන් අංශු මාත්‍රයක්වත් ජීවිතයට එන්නත් කරගන්නට අප හට හැකියාවක් නැත්නම්, එකී අධ්‍යයනයෙන් ලබන ඵලයක් නැත. බුදු පියාණන්ගේ චරිතයෙහි තැබූ පියවර පිට පියවර තබා එලෙසම ගමන් යන්නට අපට හැකියාවක් නැත. එහෙත් ලක්ෂ ගණනක් වූ එකී පියවර මත එක පියවර සලකුණක් වත් අනුගමනය කරන්නට තරම් අප අසමත් වුවහොත් අප බුදුන් වැඳීමේ තේරුමක් නැත. මල් පිදිය යුත්තේ පින් සිිදු කර ගන්නට නොෙවි. මීට වසර 2660 ගණනකට පෙර භාරත දේශයේ ශාක්‍ය වංශයේ ගෞතම ගෝත්‍රයේ ඔක්කාක පරපුරේ ඔටුන්න හිමි කුමාරයාව ඉපිද සියලු මාලිඟා, සැප සම්පත් හැර දමා ශරීරයට සැප දීම වෙනුවට තත්ත්ව, තානාන්තර නඩත්තු කිරීම වෙනුවට, උජාරුව හා මහන්තත්තකම පෝෂණය කරනු වෙනුවට අනෙකා මත සිය බලාරෝපණය කරනු වෙනුවට, සිය ජීවිතය සියලු සත්වයා උදෙසා කැපකරවන්නට ලෝකයේ ස්වභාවය වටහා ගැනීමට හෙවත් සත්‍ය ගවේෂණයට තුරුණු විය වෙන් කළ ලෝක නියාමයන් විග්‍රහ කරමින් පහදන්නට සෙසු දිවිය කැප කළ ආසියාවේ විශිෂ්ටතම මිනිස් නිර්මාණයට සැබවින්ම ලොව පහළ වූ අද්විතීය මිනිසාට ගරු කරනු සදහාය. ඊට අමතරව මල් පුදා මල මැළවී යන්නා සේ කයද මැළවී යයි.(පුප්ඵං මිලායාති යථා ඉදම්මේ කායො තථායාති විනාස භාවං) යන සනාතන ධර්මතාව වටහා ගනු සඳහාය.එසේ මල් පුදා වැඳීමෙන් පසු කළ යුත්තේ එකී විශිෂ්ට මිනිස් චරිතයෙන් අංශු මාත්‍රයක් හෝ අනුගමනය කිරීමට වෑයම් කිරීමටය. මිනිසාට එන්නත් කර ගැනීමට උත්සාහ දැරීමය.

මහ බෝසතාණෝ පැවිද්ද උදෙසා සියල්ල අත්හළය. මේ වාක්‍යය පැවිදි ගිහි අපට එන්නතක් වන්නේ කෙසේද? උපන්දා සිට නැපියේ සිට සිය හැපිය උදෙසා මිනිසා හැපි හැපී වෙහෙසෙන්නේද, කැපි කැපී දුවන්නේද, නූල් පටක්වත් නැතිව උපන් අපි නමටත්, නමට හිමි අංකයටත්, ඉඩම් ද, මුදල්ද, යාන වාහනද, ඥාතීන්ද එකතු කරමු. ඊට වඩා ආනුසාංගිකව බඩුමුට්ටු ද ආභරණද, ගෘහෝපකරණද, තවත් බොහෝ දේද එකතු කරමු . මවගේ හෝ පියාගේ රැඳී ඇවිද ගන්නට නොහැකි තරම් කුඩා කල සිටම සන්තකය මිටමොළවා ගන්නා අපි සන්තකය අහිමි වූ විට හඬා වැටෙමු . වියපත් මහලු කල පවා ඇති දේ නැති වෙද්දී පමණක් නොව නැති දේ නොලැබෙද්දී ද දුක්වන්නෙමු. බුදුහාමුදුරුවෝ එසේ නොවූහ. ඒත් අපි එසේ වෙමු. එහෙම වී බෞද්ධයෝ වෙමු. එහෙම බෞද්ධයන් වන්නේ කෙසේදැයි නොතේරේ.

බුදුහාමුදුරුවන් සැප සම්පත් අත්හලේ ගිහි ජීවිතය ගැන කළකිරී නොවේ. එසේ කියන්නේ නම්,එය වැරැදි නිර්වචනයකි. ගිහි ජීවිතයේ කළකිරෙන්න දෙයක් හෝ අතෘප්තියෙන් ගෙවන්නට තරම් දෙයක් උන්වහන්සේට සිද්ධ වූයේ නැත. යශෝ්දරා දේවිය අත්හැරියේ හෝ රාහුල කුමරා අත්හැරියේ සැබවින්ම ඔවුන් අතහැරීමට වුවමනා නිසා නොෙවි. රජකම අතහැරියේ කරන්නට බැරි නිසා නොෙවි. මේ සියලු අත්හැරීම් පිළිබඳව වික්ටෝරියා ව්‍යංජ සදාචාරයේ දෘෂ්ටියෙන් නොබැලිය යුතුයි. සිද්ධාර්ථ නම් වූ තරුණ ච්න්තකයාට ඉතිරිව තිබුණේ ලෝක සත්‍ය ගවේෂණය උදෙසා කැප කරන්නට කාලයක් සොයා ගැනීමට. එසේ නැත හොත් ජීවිත කාලය සම්පූර්ණයෙන්ම ගවේෂණයෙහි යෙදවීමටය. ඒ සඳහා පිරිපුන්ව නියුක්ත වන්නේ නම්, කළ යුතුව තිබුනේ පෞද්ගලිකත්වය අතහැරීම පමණි. පොදු යහපත සඳහා පෞද්ගලිකත්වය අතහැරීම ඊට නිසි එකම ක්‍රමවේදය විය. එහිදී පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතය දියකිරීම යන සංකල්පය වැදගත් වේ. බොහෝ දෙනා ජීවිතය දිය කරන්නේ සිය දරු පවුලේ යහපත සඳහාය. වත්ත හතර මායිම ඇතුලේ පිහිට්ි බ්ත්ති හතර මායිම රැක ගන්නට හා වර්ධනය කරගන්නටය. හරිහම්බ කරන්නේ එයටය. දවසේ පැය විසිහතරෙන් පැයක්වත් පෞද්ගලිකත්වය අමතක කොට පොදු යහපත වෙනුවෙන් වෙන් කරන්නට අප අතරින් ඇතමෙකු සූදානම් නැත. බුදුහාමුදුරුවෝ එසේ නොවූහ. ඒත් අපි එසේ වෙමු. එහෙම වී බෞද්ධයෝ වෙමු. එහෙම බෞද්ධයන් වන්නේ කෙසේදැයි නොතේරේ.

බෝසතාණන් වහන්සේ රම්‍ය, සුරම්‍ය ,සුබ වලට වී හුදු සැප පමණක් විඳිමින් සිටි තරුණයෙකු නොෙවි. දුනු ශිල්පය, කඩු ශිල්පය, රාජ්‍ය නීතිය, ඇතුන් පිට යෑම අසුන් පිට යෑම, ,වාණිජ්‍යය, දර්ශනය ,ඡ්‍යෝතිෂය හා වෛද්‍ය විද්‍යාව වැනි රාජකීය කුමාරයෙකුට අයත් බොහෝ ශිල්ප ශාස්ත්‍ර හදාළහ. ඊට පසුවද එක් නිමේෂයකුදු අපතේ නොයැවූහ. පෙරයම්කිස, පසුයම්කිස, මැදියම්කිස ආදී වශයෙන් පිළිවෙලකට කාලය කළමනා කළ බුදු හාමුදුරුවන්ට නිකරුනේ නාස්ති කරන්නට තරම් කාලයක් තිබුණේ නැත.

එහෙත් අපේ බෞද්ධයෝ බොහෝ කාලය කති. අපේ දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට පාඩම් කරන්නට වෙලාවක් නැති තරම්ය. උන්ගෙන් බොහෝ දෙනාට වෙලාව ඇත්තේ රූපවාහිනිය බලන්නටය. කාටුන් බලන්නටය. අන්තර්ජාලයේ විකාර කරන්නටය. සෙල්පි ගහන්නටය.චැට් කරන්නටය. වැඩිහිටියන්ද එසේමය. කාලය යනු නැවත නොලැබෙන එකම අවස්ථාව බව ඔවුහු නොදනිති. බුදුහාමුදුරුවෝ එසේ නොවූහ. ඒත් අපි එසේ වෙමු. එහෙම වී බෞද්ධයෝ වෙමු. එහෙම බෞද්ධයන් වන්නේ කෙසේදැයි නොතේරේ.

බුදුහාමුදුරුවන්ගේ හැම වචනයක්ම අරුත්බරය. සිත් නොරිදවන සුළුය. කිසිවෙකුට ඇනුම් පදයක් හෝ කේළමක් හෝ බොරුවක් හෝ පරුෂ වචනයක් හෝ ඒ අතර නොවීය. සිත සනහන අරුත්බර වචනය පමණක් ඒ අතර විය. අප අතර ඇතැම්හු බොරු කියා එකිනෙකා මුළා කරති. කේලාම් කියා එකිනෙකා රවටති. පරුෂ වචන කියා සිත රිිදවති. බුදුහාමුදුරුවෝ එසේ නොවූහ. ඒත් අපි එසේ වෙමු. එහෙම වී බෞද්ධයෝ වෙමු. එහෙම බෞද්ධයන් වන්නේ කෙසේ දැයි නොතේරේ.

බුදුහාමුදුරුවෝ සකල ලෝකවාසී සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් විසූහ. උන්වහන්සේ දේශනා කළේ ශාක්‍ය වංශය නිදුක් වෙත්වා කියා නෙෙවි. එසේ වූයේ උන්වහන්සේ ගෝත්‍රවාදී නොවූ නිසාය. ගෝත්‍රය වනාහි උප්පත්ති ලියාපදිංචියක් බව උන්වහන්සේ දැන සිටියහ. නිකම් සිරුරක් අරගෙන උපන් අප ඒ සිරුර මඟ දමා නැවත සිරුරක් අරගෙන උපන් අප ඒ සිරුර මඟ දමා නැවත සිරුරක් ගන්නා බවද. ඒ සිරුර වෙනත් ගෝත්‍රයක සිරුරක් විය හැකි බවද, උන්වහන්සේ දෙසූහ. ඒ අනුව සිරුරක් කිසියම් ජන වර්ගයකට හෝ වාර්ගික ගෝත්‍රයකට අයත් විය හැකි මුත් මෙකී වාර්ගික ගෝත්‍රික නොදියුණු ප්‍රාථමික සමාජයක ලක්ෂණ පෙන්නුම් කරන බව උන්වහන්සේ දෙසූහ. වර්ගවාදය හෝ ගෝත්‍රික ච්න්තනය මිනිසාගේ දියුණුවට නොව පරිහානියට හේතු වන බව දෙසූහ. මේ කාලයේ සිංහල බෞද්ධ සමාජය ගෝත්‍රික තර්ජනයකට හසුව ඇති බව අපි දනිමු. එය වෙනම මාතෘකාවක් සේ සාකච්ඡා කළ යුතුය. ගෝත්‍රවාදය ගෝත්‍රවාදයමය. එහිදී හොඳ ගෝත්‍රවාදය හා නරක ගෝත්‍රවාදය යැයි කියා දෙකක් නැත. සිංහලයාට එරෙහි ගෝත්‍රවාදය නරකය. එය පිටුදැකිය යුතුය යැයි ගෝත්‍රවාදයට එරෙහි වන්නන්ටය. කුල වාදයට ,රටවාදයට හා නිකාය වාදයට එකඟ විය නොහැකිය. මක් නිසාද යත් ගෝත්‍රවාදයේ හොඳ ප්‍රභේද නොතිබිය හැකි බැවිනි. අපි දිවි හිමියෙන් වංශය නඩත්තු කරන්නන් දැක ඇත්තෙමු. බුදු හාමුදුරුවන් කිව්වත් නිකායවාදය අත් නොහරින්නට ප්‍රතිඥාා දී ඇත්තවුන් අපි දැක ඇත්තෙමු. අවිවාහකව ගෙදරටම නාකි වුවද, අඩු කුලයෙන් විවාහ නොවන්නට සපථ කරන්නවුන් පිළිබඳව මංගල යෝජනා තීරුවල අපි කියවා ඇත්තෙමු. පහත රැටියන්ට නවාතැන් පහසුකමක් හෝ නොදෙන්නට සිතනා උඩරැටියන් ගැන අපි අසා ඇත්තෙමු. වාසගම වෙනස් නම් සිය වාහනයේ වාඩිකර නොගන්නා ඇඳුරු මහැඳුරුවරුන් පිළිබඳවද ගරුසරු යතිවරුන් පිළිබඳවද අප අසා ඇත්තෙමු. ගන්නාතාක් ප්‍රයෝජන ගත්තත් කුස්සියෙන්වත් දිය පොදක් වත් නොදෙන්නට තරම් අපහාසයට ලක්කරනා අසල්වාසීන් ගම්මුන් සහිත වංශවතුන් සිටින පළාත් පිළිබඳව අපි දනිමු. රාජකාරි කාර්යාලයේදී තම කනිෂ්ඨ වාර්ගිකයන් අප දැක ඇත්තෙමු. සිය නෑසියන් අතර දුප්පත් වර්ගයට අයත් ලේ නෑයන් රැහෙන් පන්නා දමා නොසලකා හරිනා පොහොසත් වාර්ගිකයන් පිළිබදව අප අසා ඇත්තෙමු. මේ සියල්ල අයත් වන්නේ වර්ගවාදයටමය. වර්ගවාදයටද හෝ වර්ගවාදය කරපින්නා ගත්තෝ වර්ගවාදීහු හෝ ගෝත්‍රිකයෝ වෙති. බුදුහාමුදුරුවෝ එසේ නොවූහ. ඒත් අපි එසේ වෙමු. එහෙම වී බෞද්ධයෝ වෙමු. එහෙම බෞද්ධයන් වන්නේ කෙසේ දැයි නොතේරේ.

බුදුහාමුදුරුවන් කළේ ලෝකය විග්‍රහ කිරීමය. සත්වයාගේ පැවැත්ම විග්‍රහ කිරීමය. සැබවින්ම බොහෝ ආගම් කතෘවරුන්ට හා ශාස්තෘවරුන්ට මෙන් බුදුහාමුදුරුවන්ට සංවිධිත ආගමක් නිර්මාණය කොට නිම කළේ නැත. උන්වහන්සේගේ සුවිශිෂ්ට දේශනාව සංරක්ෂණය කර ගැනීමේ සත්භාවී වුවමනාව මත ධර්ම සංග්‍රාහක යන් වහන්සේලා හා පසුකාලීනයන් විසින් ව්‍යුහාත්මකව ආගමික වූ සංවිධානයක් නිර්මාණය කෙරිණි. බුදුපියාණන්ගේ කාර්යභාර්ය වූයේ සමස්ත ලෝකයටම අදාළ සත්ථාවත් විග්‍රහ කිරීමය. සතුට පරම ධනය වේ. (සන්තුට්ඨී පරමං ධනං ) යන්න ආගමික ප්‍රකාශයක්ද? හිතවත් කම හොඳම ඥාතිත්වය වේ. (විස්වාසා පරමං ඥාාති) යන්න අදාළ වන්නේ බෞද්ධයන්ටද? නිරෝගිකම උතුම්ම ලාභයයි. (ආරෝග්‍ය පරමා ලාභා) යන්න සිංහලයන්ගේ ස්වභාවයක්ද? මේ කය ටික කලකි. (අච්රං වතයං කායෝ) යන්න අදාළ වන්නේ ශ්‍රී ලාංකේයයන්ට පමණක්ද? සියල්ල හැරදා යා යුත්තෝ වෙමු. (සබ්බං පහාය ගමනීයං ) යනු ආගමික ප්‍රකාශයක්ද? ශෝකයේ ඝනත්වය පේ‍්‍රමයේ ඝනත්යට සාපේක්ෂ වේ. (පේමතෝ ජායති ශෝකෝ) යන්න අදාළ වන්නේ තරුණයන්ට පමණක්ද? මගේ ජීවිතය සියල්ලන් හා බැඳී පවතී (පරපටිබද්ධා මේ ජීවිකා) යැයි සිතිය යුත්තේ මා පමණක්ද? පවතින සියල්ල නිසැකව නැතිවන්නේය(අනිච්චා වත සංඛාරා )යනු ඔබත් මාත් පමණක් මුහුණ දෙන අත්දැකීමක්ද? නැත ඒවා සනාතන ධර්මතාය. සාර්වත්‍රික වුද, සර්වකාලීනවූද සාර්වභෞම වුද පොදු සත්තාවන්ය. මේ බුද්ධ වචන සිය දහස් ගණනක් අතරින්් කිහිපයක් පමණි. මේ වා හුදෙක් ආගමික ප්‍රකාශ නොවේ.ලෝකය හා සත්වයාගේ ස්වභාවය ප්‍රකට කරවන මූල සත්තාවන්ය. එහෙයින් අපේ බුදු හාමුදුරුවන්ගේ ධර්මය බොහෝ ආගමික දේශනාවලට වඩා සමස්ත මානව වාර්ගයාට පොදුය. එහෙයින් බුදුපියාණන් වහන්සේගේ දැක්ම අදාළ වන්නේ බෞද්ධයන්ට පමණක් නොවෙයි . එහෙයින් එය සුරැකිය යුත්තේ මේ වර්ග කිලෝමීටර හැටපන්දහස්් හයසිය තිස්දෙකේ ජන කොටසක් විසින් නොවේ. ඒ අනුව බෞද්ධ වීම පොදු මානවයෙකු වීම මිස ජනවාර්ගිකයෙකු වීම නොවේ. ඕනෑම දෙවියෙකුට, වැඳ ,ඕනෑම පූජකයෙකුට පඬුරු පුදා බෞද්ධ වීමට ඕනෑම අයෙකුට හැකියාවක් ඇත. අප බුදුන් සරණ යා යුත්තේ එලෙසය.