Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය

ස්වභාව ධර්මය සමග සබඳතාවයක් ඇතිකර ගත හැකි එකම මගනම් සදාචාරය බව බුදු සමය විශ්වාස කරයි. ස්වභාව ධර්මයාගේ ස්වභාවය සදාචාරය වේ. අප ස්වභාව ධර්මය සාවද්‍ය ලෙස පාවිච්චි කළහොත් ඊට කෘතවේදී නොවුණහොත් ඒ සඳහා අපට දරුණු ප්‍රතිවිපාක සිදුවනු නියතය. සිඟාලෝවාද සූත්‍ර භාවිතා කරමින් පිළිතුරු සකසන්න.

පිළිතුරු

පටිච්චසමුප්පාදමය ධර්මයෙන් අවධාරණය කරනු ලබන්නා වූ ඉතා වැදගත් කරුණු නම් මේ මහත් විශ්වය මා කෙරෙහි වගකීමකින් යුක්තව සලකන හෙයින් (මට ජීවත්වීමට උපකාරි වන හෙයින්) මම ද කෘතගුණ පූර්වකව මුළුමහත් විශ්වයම කෙරෙහි වගකීමකින් යුක්තවීමට බැඳී සිටින බවය. සිඟාලෝවාද සූත්‍රයෙහි බුදුන් වහන්සේ අවධාරණය කරන කරුණනම් යුතුකම්වලින් අයිතිවාසිකම් හඳුනා ගැනීමත් අයිතිවාසිකම්වලින් යුතුකම් හඳුනාගත හැකි බවත් ය. අප ලබාගන්නා අයිතිවාසිකම්වලට සුදුසු පරිදි පෙරලා කෘතගුණ නොසලකානම් ‘යො චෙ පරකුලං ගන්ත්වා භුත්වාන සුචිභෝජනං ආගන්ත්වාන පටිපූජෙති’ පිරිහීම අතළඟය. සදාචාරමය. සද්ගුණයක් එකිනෙකා තුළ නිසිසේ ජනිත නොවන්නේ ය. ස්වභාව ධර්මය අප වෙත සාධාරණීකරණී වෙයි. සිව්පසය ම අප වෙත නොමිලයේම ලබාදෙයි. අපෙන් සාධාරණය වෙනුවට අසාධාරණය ඔවුන් වෙතට යොමුවන්නේ නම් දරුණු ඵල විපාක අපට භුක්ති විඳීමට සිදුවෙයි.

ප්‍රශ්නය

පහත සඳහන් සංවේදී පුවත කියවා අදාළ පුවතෙහි පූර්වාපර සන්ධි ගළපා පැහැදිලි කරන්න. ‘ මේක තමා එහෙනම් ජීවිතයේ වෙනස් නොවන නියාමය. ‘මරණය’ ඔව් පුතේ! දැන් ඉතින් අම්මා වෙන්ව යා යුතුයි. මගෙන් ලොව සියලු ප්‍රාර්ථනා ගොඩගැසූ කේන්ද්‍රය ඔබයි. එහෙත් ඔබ මා හැර ගොසින්ය. මටද ඔබ හැර අලුත් ජීවිතයක් සොයාගත යුතුව තිබේ. දුක්නැති සතුට සැනසීම ඇති ඒ ජීවිතය සොයා යා යුතු ය.

පිළිතුර

කිසාගෝතමී පතිකුලයට යාම දක්වා පුවත සිහියට ගනිමු. ඇය පතිකුලයට ගිය දින පටන්ම ඇය සැමියාගේ ආදරයට වඩා අවමානයට ලක් වූබව සඳහන් වේ. එයට හේතු දෙකක් විය. ඇයගේ විවාහයෙන් නැන්දම්මාට ලැබුණු කහවනු මල්ල කුඩා විය. වැඩිපුර කහවනු ප්‍රමාණයක් දායාද ලෙස රැගෙන ගියේ නම් ඇයට ස්වාමියාගේ මව හෙවත් සිය නැන්දණියගේ සිත් දිනා ගැනීමට තිබිණ. එහෙත් එය ඉටු නොවූවාය. වේලාසනින්ම මවක්වූවා නම් එයද ඇයගේ ගෞරවයට හේතුවක් වන්නට ඉඩ තිබිණ. එහෙත් එයද ඉටු වූයේ ප්‍රමාදයකින් පසුවය.

නැන්දම්මා මට හරියට අවනඩු කීවා ය. එහිදී ඔයාට බැරිවුණානෙ නිකං හරි මං වෙනුවෙන් වචනයක් කියන්න’ දිනක් ඇය සැමියාට කීවාය. ‘නෑ කියා මං හිතුව ඔයා ඉක්මනට ම මට පුතෙක් අරං ඒවි කියල. අපේ අම්මත් හිත හිතා උන්නේ මුණුපුරාව නාවන්න. සුරතල් කරන්න. එහෙම එකේ මං කොහොමද ඔයාගෙ පැත්ත ගන්නෙ’ කිසාගෝතමියගේ කතාව ඇත්ත ය.

කාලය ගෙවී යයි. කිසාගේ දුර්භාග්‍ය සමය නිමා කරමින් උදා වූ නව අරුණෝදය ලෙස ඇය දුටුවේ ඇගේ සුරතල් දරු පැටවා ය. පුතුගේ උපතත් සමඟ සැමියා සහ මවත් පවුලේ නෑදෑ සියල්ලම ඇයට සැලකිලි දක්වන්නට විය. ගෙදර සිරියාවද දෙගුණ තෙගුණ කරමින් ඇය දරු පැටියා කාගේත් සුරතලා බවට පත් විය.

ජීවිතය යනු සතුටට වඩා දුක යැයි සිතන තරමට යළිත් කිසාගෝතමියට අමිහිරි සිදුවීම්වලට මුහුණ පෑමට සිදු වූවා ය. ඒ ඇගේ දරුවා කිසියම් රෝගාබාධයකින් මිය යෑමයි. අවසානය උදාවූයේ අපේක්ෂා නොකළ පරිද්දෙනි. එදා විදුලි කොටමින්ද ගොරවමින්ද මහවැසි වැටුණු දිනයකි. මහවැසි වැටෙනා තෙක්ම ඇය සිටියේ සිය ළමැද හොවාගත් දරුපැටියා ඇතිවය. ඇගේ දුක්මුසු විලාසයට අනුකම්පා කළේ නම් සැමියා පමණි. ඇයට සැලකිලි දැක් වූ සියල්ලෝම ඇය කෙරෙහි බිඳී සිටියහ. නැන්දම්මා ඇගේ මුහුණටම කියා සිටියේ නුඹ මහා පව්කාර ගැහැනියක්. මේ දරු පැටියත් රෝගාතුර වුණේ උඹේ කරුමෙට යනුවෙනි.

අවාසනාව කාගේ වුවත් ඒ මහා වැසි දින කිසාගෝතමියගේ දරුවා මෙලොව හැර ගොස් තිබිණි. ඇය මහහඬින් හඬමින් සැමියාටත් ඇගේ මවටත් ඒ බව දැන්වූවා ය. ඒ දසුන ඔවුන් තුළද මහා දුකක් ඇති කළේ ය. ‘ඔය දරුවා මිය ගිහිල්ලා. දැන් අඬල දොඩල වැඩක් නෑ. ගොහින් අමුසොහොතකට දාන එකයි තියෙන්නේ. නැන්දනියගේ යෝජනාව ඇගේ කෝපයට හේතු වූවාය. එහෙත් සිය ප්‍රාණ පි‍්‍රය දරුවා අමු සොහොනට දැමීමට කිසිසේත් එකඟ නොවූවාය. සෙසු අයගේ බැල්ම පවා ඇයට රිසි නොවූවාය. ඕ දරුවා ද කර පින්නාගෙන මහ මඟට බැස්සාය. මග තොට ද ඒ අවාසනාවන්ත දසුන දුටු කෙනෙක් දුක් වූහ. තවත් කෙනෙක් සිනාසුනහ. කුසට ආහාරක් හෝ හිතට සැනසුමක් නොමැතිව දරුවකු කර පින්නාගෙන යන මේ උමතු ගැහැනිය දෙස බලා සිටි නුවණැති පුරුෂයෙක් සැවතට මග කියා පිටත්කරයි.

සැවත් නුවරට එහා පැත්තේ දරුවන්ට වෙදකම් කරන හොඳ වෙදාන කෙනෙක් ඉන්නවා. සැර පරුෂ නෑ. හරිම කරුණාවන්තයි. කාසි පණම් ඕනෑත් නෑ. බයක් සැකක් සැතිව යන්න. කී විට ඇය අලුත් ප්‍රාණයක ලද්දා සේ වූවා ය. තම උරමත සිටින පුතුගෙ හිස අනෙක් අතින් පිරිමැද සිටි ඇය ‘අනේ පුතේ මං කොහොමවත් උඹ සොහොන්වල දාන්නෙ නෑ පුතේ ‘කියමින් සැවැත්නුවර ජේතවනාරාමය අසලටම දිවගොස් බුදුන් වහන්සේ පාමුල දරුවා තබා තොරතුරු සංවාදයකින් අනතුරුව ඇයට කරුණු අවබෝධ වූ විට අවසානයේ දරුවා අමතා මෙසේ කීය. කිසා ගෝතමිය! සිය උරමඬල මත නිසලව සිටි පුතු දෙස අවසන් වරට බැලුවාය. එවේලෙහි ඇය තුළ දුකක් හෝ වේදනාවක් නොතිබුණාම යැයි කිව නොහැකිය. එහෙත් පුතුගේ මළ සිරුර අමු සොහොනට දැමූ ඇය පසු නොබලාම බුදුන් වහන්සේ වෙත ගොස් මෙහෙණ සස්නට ඇතුළත්ව රහත් මෙහෙණියක් බවට පත්වූවාය.