Print this Article


පළතුඩුවේ සෝරත නා හිමි

පළතුඩුවේ සෝරත නා හිමි

1964 දී අපේ‍්‍රල්් මස 12 වන දින තංගල්ල, පළතුඩුව, වෙදවත්ත, නිවසෙහි අන්ද්‍රයස් වර්ණකුලසූරිය හා බී.අන්දරවීර යන දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස සුනිල් ශාන්ත වර්ණකුලසූරිය නමින් උපත ලද පින්වත් කුමරු හ/ පළතුඩුව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලබා නිසි කල වයස් එළඹීමත් සමඟ ගමේ විහාරස්ථානය වෙත යොමු විය. එවකට පළතුඩුව ජයසුමනාරාමය, කළුතර ගොඩතලව්ව ගංගාරාමය යන උභය විහාරාධිපති විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී වනරතන වංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී සෝමාරාම ධර්මාචාර්ය ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන සංඝ නායක පණ්ඩිත පළතුඩුවේ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුරින් මූලික බණ දහම් සපුරමින් 1976 නොවැම්බර් මස 3 වන දින පළතුඩුවේ සෝරත නමින් පැවිදි විය.

අහංගම මහා විහාරස්ථ ධර්මෝදය මූලික පිරිවෙනින් හා පානදුර පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර මහා පිරිවෙනින් අධ්‍යාපනය ලබා ගත්හ. උපතින් නිසි වයස් සපුරන උන් වහන්සේ 1984 ජූනි මස 20 වන දින දොඩංදූව ගංගාරාමය මූලික කොට උපසම්පත්තියට පත්වූහ. ස්වකීය ගුරු හිමියන්ගේ අපවත්වීමෙන් පසු තම ආරාම දෙකෙහිම අධිපතිත්වය දරමින් විහාරස්ථාන දෙකම දිනෙන් දින දියුණුවට පත් කරමින් කරනු ලබන මහා සේවාවන් දුටු ස්වකීය සංඝ සභාව උන් වහන්සේට 2016 ජූලි මස 15 වන දින ගෞරවනාම සහිතව දිසා සංඝනායක ධූරයක් පිරිනැමිණි.

සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත වංශාලංකාර විචිත්‍රභාණී යන ගෞරවනාම සම්මුතිය සහිතව හම්බන්තොට දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් පිදුම් ලබන පළතුඩුවේ සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් 2017 අප්‍රේල් මස 02 වන දි පස්වරු 2.00 ට තංගල්ල පළතුඩුව ජයසුමනාරාම මහා විහාරස්ථ පින් බිමේ දී සිදු කිරීමට නියමිතව තිබුණි