Print this Article


හැටිය හෙවත් හැටිය හෙවත් ස්වභාවය

හැටිය හෙවත් හැටිය හෙවත් ස්වභාවය

මෙම ලිපියේ කොටසක් මැදින් අමාවක පෝදා (මාර්තු 27 ) පත්‍රයේ පළවිය

පුප්ඵං මිලායාති යථා ඉධම්මේ
කායෝ තථායාති විනාස භාවං

මලක් පිපෙන්නේ මාසයේ පළමු වෙනිදා නම්, මල මැලවෙලා පරවෙලා නටුවෙන් ගිලිහිලා බිමට වැටෙන්නේ තිස් වෙනිදා නම්,ඒ මලෙහි ආයුෂ කාලය දින කීයද?මල හටගන්නේ පළවෙනිදා නම්,තිස් වෙනිදා මල පරවෙලා නටුවෙන් ගිලිහිලා බිමට වැටෙනවා නම්, එම මලේ ආයු කාලය දින විසිඅටක් හෝ තිහක් වෙයි.

දෙවන ප්‍රශ්නය නම්, මල නටුවෙන් ගිලිහී බිමට වැටීමට දින තිහක් ගත වෙලා නම්, මල පරවීමට පටන් ගන්නේ කවදාද? මල පළවෙනිදා පරවෙන්න පටන් අරගෙන තිස්වෙනිදා පරවෙලා අවසන් වෙනවා නම්, මල පරවු කාලය සමානයි දින තිහයි. මලේ ජීවිත කාලය සමානයි දින තිහයි. පරවූ කාලය සමානයි දින තිහයි නම්, ජීවත් වූ කාලය සමානයි පරවූ කාලය . ජීවත් වූවේ යැයි කර තිබෙන්නේ පරවූ එකයි. අප ඉපදුන දා සිට මැරෙනවා. මැරිලා මැරිලා අන්තිම දවස වන විට මැරෙන වැඩය අවසන් කරයි. ඒ අවස්ථාව වන විට මළා යැයි ප්‍රකාශ කරයි. මැරෙන වැඩය අවසන් කළා මිස එදා මළා නොවෙයි. මල පරවෙන්න පටන් ගත්තේ පිපුණ දවසේ සිටයි. පරවෙලා පරවෙලා තිස් වෙනිදා පරවෙන වැඩය අවසන් වෙලා. එදා පරවෙලා නොවෙයි. ඒ පරවුන වැඩය අවසන් වූ දවසයි. මෙය හරිම ලස්සන කතාවක්.

එදා මළා නොවෙයි මැරෙන වැඩය අවසන් කළා. මල පරවෙන්න පටන් ගත්තේ මල පිපුණ දවසේ සිට නම්,මල පරවෙලා පරවෙලා තිස් වෙනිදා පරවෙන වැඩය අවසන් වූ විටයි. එදා පරවුණා නොවෙයි. ඒ පරවෙන වැඩය අවසන් වුණ දවසයි. රෝගීන්ට සේලයින් දෙන අවස්ථා ඔබ දැක ඇති. සේලයින් දෙන අවස්ථාවේ සිට සේලයින් වලට සිදුවන්නේ කුමක්ද?සේලයින් බෝතලය අවසන් වුණාට පසුව සිදුවන්නේ කුමක්ද?සේලයින් දෙන අවස්ථාවේ සිට සේලයින් අවසන් වීමට පටන් ගනී. අන්තිම බිංදුව අවසන් වුණාට පසුව සේලයින් දීමට පටන් ගත් අවස්ථාවේ සේලයින් අවසන් වන කාර්යය පටන් ගත් අවස්ථාවත් අවසන් වුණා වෙයි. අන්තිම බිංඳුව අවසන් වුණාට පසු අවසන් වුණ කාර්යය අවසන් කළා වෙයි. . අවසන් වුණ වැඩය අවසන් වන තෙක් අවසන් වෙමින් පැවතුණා. ඒ වගේ අප මැරෙන වැඩය අවසන් කරයි.ඕනෑම දෙයක් පරවෙයි. ටික දවසක් ගියාට පසු පරවෙන ක්‍රියාවලිය අවසන් වෙයි. ශරීරයත් ඒ වගේ දිරාපත් වෙයි. ශරීරය නිතරම දිරාපත් වෙයි. ශරීරය ලොකු වෙනවා යනු ශරීරය දිරායාමේ එක් අවස්ථාවක් වෙයි.

අඔ ගෙඩියක් අවසානයට කුණු වී යයි. කුණු වීමට පෙර නරක් වෙයි. නරක් වීමට පෙර ඉදෙයි. ඉදීමට පෙර අඹ ගෙඩිය පැහෙයි. පැහීමට පෙර මෝරයි. මේරීමට පෙර ටිකක් ලොකු වෙයි. ෙමිරූ පසු ඉදෙයි.ඉදෙනවා යනු කුණුවීමේ අතරමැද අවස්ථාවයි. ඉදී අවසන් වූ විට කුණු වෙයි.ඉදෙනවා යනු කුණුවෙන අවස්ථාවේ එක් අතරමැද අවස්ථාවක්. අවසානයක් සහිත වැඩක අතර මැද අවස්ථාව මෙම හැම වැඩකම පවතී. කුණු විමට පෙර නරක්වී යයි. කුණු වෙනවාය යනු අඹ ගෙඩියෙහි අන්තිම අවස්ථාවයි.අප අඳිනු ලබන සැම ඇඳුමක්ම දිරාපත් වී යයි. එම දිරාපත්වන අවස්ථාවෙහි අතරමැදක එය පවතී.එම අවසන් වන වැඩක අතර මැද අවස්ථාවන් පසුකරගෙන යාමක් පමණයි.

එම නිසා තරුණකම වනාහි වියපත් වීමෙහි තවත් එක් අවස්ථාවක් පමණයි.එය මැද ජායාරූපයක් පමණයි. අවුරුදු අසූව වනතෙක් ජීවත් වූ පුද්ගලයෙකු ඔහුගේ වයස් පරතර අතරමැද ජායාරූප අරගෙන තිබෙනවා,නම් අවුරුදු විසිපහේ ජායාරූපය අවුරුදු අසූවෙහි ජායාරූපයට වඩා ලස්සනයි. ඒ පිළිබඳව විශාල වශයෙන් සන්තාපයට පත්වීමට අවශ්‍ය නැහැ. ඒ එහි හැටිය හෙවත් එහි ස්වභාවය වෙයි. එය එහි හැටි හෙවත් ස්වභාවය නම්, එයට කළ හැකි දෙයක් නැහැ. රෝගයක් නම්, බෙහෙත් කළ හැකිවෙයි. වරදක් නම්, දඬුවම් කළ හැකි වෙයි.හැටි නම් , කළ හැකි දෙයක් නැහැ. අඹ ගෙඩියක් නරක් වීම යනු එහි හැටි හෙවත් ස්වභාවයයි. මලක් පරවෙනවා යනු එහි හැටි හෙවත් එහි ස්වභාවයයි. ඇඳුම් සෝදන විට ඉරී ඇත්නම්,දිරා ඇති නිසා ඉරී ගියා මිස ඉරුවා නොවෙයි. එය වරදක් නොවෙයි. එහි ස්වභාවය වෙයි. ගෙදර සෝදන අවස්ථාවක පිඟාන ලිස්සාගොස් වැටෙයි. පිඟාන බින්දාද? එය බිඳිලා. බිඳුන විට එය වරදක්ද?

පිඟාන බිඳලා නම් වරදක්. එය බිඳීලා. එහි හැටි හෙවත් ස්වභාවය වෙයි. එයට කළ හැකි දෙයක් නැහැ. මලක් නම්, පරවෙයි. එය වරදක් නොවෙයි. එය රෝගයක් නොවෙයි. ඒ හැටියක් . එම හැටි හෙවත් ස්වභාවය තේරුම් ගත යුතුයි. කිසියම් පලතුරක් නරක්වීම වරදක්ද?එය ලෙඩක්ද ? ඒ හැටියක්. ශරීරයක් නම්, මැරෙයි. එය වරදක් නොවෙයි. එය ලෙඩක් නොවෙයි. එය හැටියක්. ලෙඩක් නම්, බෙහෙත් දිය හැකියි. වරදක් නම්, දඬුවම් කළ හැකියි. එය හැටියක් හෙවත් ස්වභාවය නම්, කළ හැකි දෙයක් නැහැ. ඒ එහි හැටියක්. . එම නිසා හැටියට බෙහෙත් නැහැ. ස්වභාවය හෙවත් යථාව තේරුම් ගත යුතුයි. යථාව හෙවත් යථාර්ථය තේරුම් ගන්නවා යනු ඒ හැටි. කොණ්ඩය සුදුවීමෙහි කිසිදු වරදක් නැහැ. එහි ස්වභාවයක් වෙයි. මේ ශරීරය ලස්සනට තිබුණ බව සත්‍යයක්. සම පැහැපත්ව තිබුණ බව ඇත්ත වුවත්,එහි පැහැපත් බව ක්‍රමයෙන් අඩුවී යයි.ඒ පවත්වාගැනීම සඳහා කුමන දෙයක් ආලේප කළත් ඇති ඵලක් නැහැ. ආලේප කිරීමත් සමඟ පැහැපත් බව පෙනුනත් එය නිතර සේදිය යුතුයි. වයසට යාමත් සමඟ මේ ශරීරය දිරායන බව තේරුම් ගත යුතුයි. ජීවිතයේ අන්තිම දවසට තිබෙන එක්තරා අවස්ථාවක තවත් එක් අවස්ථාවක් පමණයි. එම දිරාපත් වීම වරදක් නොවෙයි. එය රෝගයක් නොවෙයි. එහි ස්වභාවය වෙයි.

අවුරුදු ගණනාවකට පෙර පාසල් යන අවධියෙහි අපට හොඳට ශක්තිමත් දිවීමට හැකියාව තිබුණත්, අද වන විට දිවීමේ හැකියාව වියැකී ගොස් අවසානයි. දැන් අපට එය කළ නොහැකියි. වයසට යාමත් සමඟ අප දිරාපත්ව ඇති නිසා. වයසට යාම වරදක් හෝ ලෙඩක් නොවෙයි.ඒක එහි ස්වභාවයක් නිසා එයට කළ හැකි දෙයක් නැහැ. එම නිසා ඉතාම හොඳින් වටහාගත යුතු කරුණ නම්, නපුප්ඵ ආදී බුද්ධ ප්‍රකාශනයත් සමඟ මලකට ජීවිතය ගැටගසා ගත යුතුයි. බුදුහාමුදුරුවන් වෙනුවෙන් හැමදාමත් මල් නෙළමින් මල මල පූජාකරන අපට, එතරම් සමීප මල ජීවිතයට සමීප කරගන්න. ජීවිතයත් සමඟ වටහාගැනීමට වෑයම් කරන්න. එය නිදර්ශනයක් බවට පත්කරගන්න. එම තත්ත්වයට පත්කර ගත හොත් අපගේ ජීවිතය යථාවක් කරගැනීමට සහ ජීවිතය වඩාත් යහපත් තැනකට පත්කර ගැනීමට හැකියාව ලැෙබිවි.

එම නිසා හැකි තරම් මල් හදන්න. මල් වවන්න . මලක් සුවඳ කරන්නා සේ සුවඳ විහිඳුවමින් ලෝකය සුවඳවත් කරන්න. මලක් අසල සිටින බඹරෙකුටත් මලෙන් රොන් බිඳක් හෝ ගැනීමට හැකියාව තිබෙන්නාසේ ඕනෑම පුද්ගලයෙකුට රටට, ජාතියට, සමයට වැඩක් ඇතිවන ආකාරයට ජීවත් වන්න. අවසානයේදී මල නිදසුනකට ගෙන මල මැලවී යන්නා සේ මෙම කයද මැලවී යන බව තේරුම් ගන්න උත්සාහ කරන්න . මල ඔබේ ජීවිතයට එකතු කරගන්න හැමදාම බුදුහාමුදුරුවන්ට මලක් පුදා මල පිළිබඳව සිතන්න. පුප්ඵං මිලායාති යථා ඉධම්මේ කායෝ තථායාති විනාස භාවං යනුවෙන් කල්පනා කරන්න. මල නිදසුනක් කරගෙන ජීවිතයෙහි යථාවත්, ලෝක යථාවත් වටහාගන්න.