Print this Article


පුණ්‍ය කාලයයි අලුත් ජීවිතයයි

පුණ්‍ය කාලයයි අලුත් ජීවිතයයි

හතර වරිගයක ඥාතීන් සිහිපත් කරම්න් පින් අනුමෝදන් කිරීම බෞද්ධ සම්ප්‍රදායක්. මහින්දාගමනයත් සමඟ එම සම්ප්‍රදායේ ආරම්භය සනිටුහන් වීමත්,මිහිඳු මහ රහතන් වහන්සේ එම කාරණා අපට පැහැදිලි කරදීමත් සිදුවුණා.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ළඟාවෙමින් තිබෙන අවස්ථාවක අවුරුදු සමරන විට බෞද්ධ සම්ප්‍රදායේ ක්‍රමයට අනුව මියගිය නෑදෑයන්ට පින් පෙත් අනුමෝදන් කිරීමෙන් අනතුරුව අලුත් අවුරුද්ද ආරම්භ කරයි. එය අපේ සංස්කෘතිය වෙයි.වර්තමාන සමාජයෙහි ජීවත් වන ඇතැම් පිරිස් අපගේ සංස්කෘතිය හඳුනන්නේ නැහැ. මහපොළොව මතට අලුතෙන් කඩා වැටුණ පිරිසක් වගෙයි. සංස්කෘතිය කුමක්ද ? කියා දන්නේ නැහැ. චාරිත්‍ර මොනවාද ? කියා දන්නේ නැහැ. එවැනි කාරණා දැනගන්න ක්‍රමයකුත් නැහැ. සොයා බලා විමසන්නේත් නැහැ. තමන් දන්නේ නැති බව තේරුම් ගන්නේත් නැහැ. තමන් සියල්ල දන්නා බවට සිතාගෙන සමාජයට කතා කරයි. චාරිත්‍ර කළාට ඇති වැඩක් නැහැ. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළාට ඇති වැඩක් නැහැ. යනුවෙන් විකාරරූපි කතාද, සමාජය තුළින් ඇසෙන අවස්ථා නැතිවා නොවෙයි.

අවුරුදු සැමරීමට පෙර තමන්ගේ නමින් නැසී මිය පරලොව ගිය ඥාති මිත්‍රාදී නෑදෑයන්ට පින් පෙත් අනුමෝදන් කිරීම සිංහල සංස්කෘතියෙහි තිබෙන උදාර චාරිත්‍රයක් වෙයි. හෙට අනිද්දා වන විට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.සිංහල සංස්කෘතියෙහි වෙනත් ්සංස්කෘතිවලට වඩා වෙනස් ආකාරයෙන් සිතන පිරිසක් බෞද්ධ සංස්කෘතියක ජීවත් වෙයි. බොහෝ සංස්කෘතිවල මිනිසුන් කල්පනා කරනු ලබන්නේ එම පවතින සංස්කෘතිවල හරධර්ම, සාරධර්ම ආරක්ෂා කරගැනීම පිළිබඳවයි.නමුත් බෞද්ධ සමාජය එයට වඩා එහා ගිය යමක් කල්පනා කරමින් අපේ සංස්කෘතික සාරධර්ම ,හරධර්ම ගුණ ධර්ම ආරක්ෂා කරනවා වගේම අපත් සමඟ එකට ජීවත්ව සිට අපේ ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කිරීම සිදුකරයි.

එය පුණ්‍ය කාලය තුළින් ආරම්භ වෙයි. අවුරුද්දේ ආරම්භයට පෙර තිබෙන කාලය ලෙස පුණ්‍ය කාලය හැඳින්විය හැකියි. පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද අතර කාලය, අපගේ සංස්කෘතිය තුළ පුණ්‍ය කාලය නමින් හඳුන්වයි. පුණ්‍ය කාලය සංක්‍රාන්ති සමය නැකැත් නැති වෙලාව, නොනගතය යන නම් කිහිපයකින්ම එකම කාරණය හඳුන්වයි.එක එක අවස්ථාවල විවිධ නම් හතරකින් හැඳින්වීම යමෙකුට ගැටළුවක් වුවත්, එය එක කාරණාවක් සඳහා හඳුන්වයි. පුණ්‍යකාලය තුළ බෞද්ධයන් ලෙස පන්සලට ගොස් ආගමික චාරිත්‍රවල යෙදෙයි.සිංහල අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් නිසා විිවිධ පිරිස්වලට මෙම උත්සවය සැමරිය හැකි වෙයි. සිංහල සංස්කෘතියෙන් වැඩුණ සිංහලයන්ගේ අවුරුද්ද වුවද,වෙනත් ආගමිකයන්ටත් සැමරීමට කිසිදු බාධාවක් නැහැ. වෙනත් ආගමික පිරිසකට එම ආගමකට අනුව පුණ්‍ය කාලය තුළ ආගමික කටයුතු ඉටුකළ හැකි වෙයි. පල්ලියට, කෝවිලට යන පිරිසට එම කාලය තුළ පල්ලිය, කෝවිල තුළ යාඤ්ඤාා කළ හැකියි.මෙය ජාතික උත්සවයක් නිසා ඒ ඒ පිරිස ජීවිතයට ආභාසය ලබන ආගමට අනුගතව උත්සව සමරයි. බෞද්ධ පිරිස පන්සලට ගොස් සිංහල චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරයි. විශේෂයෙන්ම බුදුන් වඳිමින්, පන්සල සුද්ද පවිත්‍ර කරමින් මල් පූජා කරමින් ,ගාථා කියමින්, භාවනා කරනු ලබයි. පරිසරය පිරිසුදු කරගන්නාසේම මනසද පිරිසුදු කරගනී. අවුරුදු කාලයට කේන්තියෙන් ,වෙරයෙන්, තරහවෙන්,නොමනාපයෙන් ,සිටින පිරිස් ගිහි ගෙවල් වල නැහැ. එසේ සිටිනවා නම්, ඔවුන් මානසික රෝගීන් වෙයි. නොමනාපයෙන්, අසතුටෙන් , අසන්තෝෂයෙන් අවුරුද්ද ගත කරන්නේ නැහැ. අවුරුදු කාලය ආරම්භ කරන්නේම පුණ්‍ය කාලය තුළයි. පන්සලහෙි කෙරෙන චාරිත්‍ර තිබුණත් ,පුණ්‍ය කාලය තුළ අවධානය යොමු කරනු ලබන්නේ වැඳුම් පිඳුම් අතරින් වන්දනා කිරීමට මූලික අවධානය යොමු කරයි.

පුණ්‍ය කාලය තුළ තෙල් මල් පුජාකිරීමට පන්සලට ගියත් ,අලුත් අවුරුද්ද ලැබූ පසු ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කරයි. පුණ්‍ය කාලය තුළ විනාඩි පහක්වත් භාවනා කළ යුතුයි. අප සූදානම් වන්නේ තවත් ඉදිරි දින තුන්සිය හැටපහකට යාමට බලාපොරොත්තු තබාගෙනයි. ගත වුණ දින තුන්සිය හැට පහ අවසන්ව ජ්‍යෝතිෂයට අනුව සූර්යාගේ ග්‍රහචක්‍රය අවසන් කර මීන රාශියට පැමිණි සූර්යයා මේෂ රාශියට එමින් සිටින කාලය තුළ අප පින්කම් සිදු කරයි.

සූර්යාගේ ඊළඟ ගමන ආරම්භ කිරීම සඳහා ෙමිෂ රාශියට පැමිණෙයි. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍ය, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන යන චක්‍රයෙහි අවසානයක් සෙවිය නොහැකි වෙයි. චක්‍රයක අවසානයක් නැතත් පටන් ගන්නා ස්ථානයද අවසන් වන තැනද අප නොදන්නවා නොවෙයි. අවසාන වෙනවා යනු අවසානයක් නොමැති ආරම්භයක් වෙයි. එම අවසානයයි, ආරම්භයයි අතර පවතින කාලය සංක්‍රාන්ති සමය ලෙස අප හඳුන්වයි. පුණ්‍ය කාලය ලෙස ජ්‍යෝතිෂයෙහි හඳුන්වයි. නැකැත් නැති ෙවිලාව ලෙස හැඳීන්වුවද, එම කාලය තුළ නැකැත් තිබුණත්, එම කාලයෙහි කවුරුත් කිසිදු සුබ කටයුත්තක් ආරම්භ කරන්නේ නැහැ. එම නිසා එය නැකැත් නැති වෙලාව ලෙස අපගේ කට වහරට පුරුදු වුණා. එම කාලය තුළ මොකුත් කිරීමට උත්සාහ නොකරන්නේ දින තුන්සිය හැටපහක්ම අවසන්වූ අවසාන මොහොතේ සුබ කටයුත්තක් පටන් නොගැනීම අපේ සංස්කෘතිය වෙයි. දින තුන්සිය හැටපහක් සඳහා සූර්යා ගමන ආරම්භ කළාට පසුව නැකැත් චාරිත්‍ර සිදු කරයි. පරණ අවරුද්දේ අවසානයයි, අලුත් අවුරුද්දේ ආරම්භයයි,අතර ගත වන කාලය අපගේ ජීවිතවලට, පන්සල්වලට, ගිහිගෙවල්වලට අතිශයින්ම වැදගත් වෙයි. එම කාලය තුළ අපගේ සියලු අධ්‍යාත්මික ශක්තීන් වර්ධනය වෙයි.බෞද්ධ පරිසරය තුළ පංචශීලය සමාදන් වුණ අප පංචශීලය ආරක්ෂා කරනු ලැබීමෙන් ඊළඟ දවස් තුන්සිය හැටපහට හුරුවීමක් හෙවත් ජවයක් සහිත ආරම්භයක් ගැනීම වෙයි.ගිහිගෙදර සියලු දේ සිතින් මොහොතකට අතහැර දමා පන්සලට ගොස් එම කාර්යයන් තුළ නිරත වෙමින් මනස හදාගනී. ඊළඟ දින තුන්සිය හැටපහට සැළසුම් හදාගනී.

මම එන අවුරුද්දෙහි මේ වගේ වැඩ කොටසක් කරන බවට තීරණය කරයි. එම කාරණා පුණ්‍යකාලයෙහි පන්සල් ගිය විට පන්සල තුළදී සැළසුම් කරයි. කාටවත් ප්‍රකාශ නොකළත් , තමන් මනසින් සැළසුම් කරයි. පවුලේ පිරිස අතර කතාබහ කරමින් සැළසුම් සකස් කළාට ගැටළුවක් නැති වුණත් ,පන්සලේ ආගමික ආලෝකයත් සහිතව එම කටයුත්ත ඉෂ්ට විය යුතුයි. එම නිසා පුණ්‍ය කාලය යන කාල හෝරාව සෑම පුද්ගලයෙකුටම අතිශයින්ම වැදගත් වෙයි. ජීවිත කාලයටම පන්සලට නොගිය පුද්ගලයෙකු වුවත්, පන්සලට යා යුතුම අවස්ථාවක්. අලුත් අවුරුද්දට පන්සලත් සැරසෙනවා වගේම ගිහිගෙදරත් සැරසෙයි. එම කාරණාව අපගේ සංස්කෘතියෙහි තිබෙන උදාර තත්ත්වයක් ලෙස සැළකිය හැකියි.පරණ අවුරුද්දෙහි මනසෙහි පැවැති නොමනාපය දුරුකරනු ලබන්නේ පන්සල තුළයි.

නැන්දම්මා ලේලි අතර ගැටුම , නැන්දා මාමා අතර ගැටුම, ගම සහ ගම අතර පැවැති ගැටුම එවැනි කාරණා අතහැර දමනු ලබන්නේ එම කාලය තුළයි.ඒවා ඉවත්කරනු ලබන්නේද, ඊළඟ දින තුන්සිය හැටපහට පිරිසුදු මනසින් නව අධිෂ්ඨාන තුළින් ගමන් කළ යුතු නිසා හෙවත් ගමන් කිරීම අවශ්‍ය නිසායි. එය බුදුදහම තුළින් ලැබූ ආභාසයක් වෙයි. මනසෙහි පවතින අයහපත් ගති ඉවත්කරමින් ධෛර්ය සම්පන්නව , තමන් තුළ පැවැති අඩුපාඩු පිළිබඳව ස්වයංවිෙවිචනයක යෙදිය යුතුයි.

සමාජයේ සාමාන්‍ය පුද්ගලයා කවදාවත් තමන්ගේ අඩුවක් දකින්නේ නැහැ.ඔහුට එය නොපෙනීම ඔහුගේ කරුමයක්. ඔහු කෙතරම් වැරැදි කළත් වැරැද්ද වැරැද්ද ලෙස දැකීමට ඔවුන්ට හැකියාව නැහැ. එය සමාජයෙහි බුද්ධිමට්ටමෙන් පහත්ම දරුවන් තමන්ගේ අඩුපාඩුව හදාගන්නේ නැහැ. අම්මාවරුන්ද එලෙසයි. පියවරුන්ද එලෙසයි. ඔවුන් නිවැරැදි බවට ඔවුන් සිතයි.

බුද්ධිමට්ටමෙන් අඩුම නැන්දම්මා කවදාවත් තමන්ගේ අඩුව තමන් වටහාගන්නේ නැහැ. ඇයගේ අඩුව ඇයට දැනෙන්නේ නැහැ. එම අඩුව නොදැනීම ඔවුන්ගේ කරුමයක්. තමන්ගේ අඩුවක් තිබෙන බවට කිසියම් අයෙකුට වැටහෙනවා නම්,ඔහුගේ යහපත් කමක් සහිත බුද්ධිමත් බවක්. තමන්ගේ අඩුව තමන්ට පෙනෙවා නම්,එම පුද්ගලයාගේ විශිෂ්ට ස්වභාවයක් වෙයි.

තමන්ගේ අඩුපාඩු මෙනෙහි කරන කාලය පුණ්‍ය කාලයයි. තමන්ගේ අඩුව තේරුම් ගෙන එය හදාගැනීමට උත්සාහ කිරීම ඔහුගේ විශිෂ්ට බවක්.හදාගැනිමට බැරි වැරැදි තිබුණත් , බොහොමයක් වැරැදි හදාගැනීමට හැකි වෙයි. එම අඩුපාඩු නොදැනෙන අවස්ථාවක එම අඩුව වෙනත් අයෙකු පෙන්වා දෙනු ලැබුවත් මනසෙහි තිබෙන උඩ¼ගුකම නිසා එය හදාගැනීමට ඇතැමුන් කැමැති වන්නේ නැහැ.

උඩ¼ගුකම මනසෙහි පවතින සිතිවිල්ලක් පමණයි. තමන්ගේ අඩුපාඩු තිබෙනවා නම්, එම සිතිවිල්ල තමන්ගේ මනසින් හදාගත හැකි වෙයි.එම අඩුව හදාගත හැක්කේ තමන්ට පමණයි.එම තමන්ගේ අඩුපාඩුව හදාගැනීමට ඔබට ලැබෙන අවස්ථාව පුණ්‍ය කාලයයි. පුණ්‍ය කාලය තුළ තමන්ගේ අඩුපාඩු හදාගන්නවා නම්, තමන්ගේ ජීවිතය සාර්ථක කරගත හැකි වෙයි.