Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

වීරකැටිය නයිගල රජ මහා විහාරයේ දී කීර්ති ශ්‍රී සෝමරතනාභිධාන ආයුර්වේද වෛද්‍ය තලාවේ නන්දසාර නා හිමියන් වෙත මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ධුරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව.

වැලිකඩ රාජගිරිය ව්‍යාපාරික එකමුතුව 6 වන වරටත් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් සහ ඇස්කණ්නාඩි බෙදාදීමක් රාජගිරිය නගර මධ්‍යයේදී ඉකුත් දා (12) පැවැත්විණි. වැලිකඩ පොලිසිය හා රාජගිරිය විශේෂ කාර්ය බලකාය, ව්‍යාපාරික භවතුන්, ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද ඊට සහභාගි වූහ.

ගාල්ල බද්දේගම වවුලාගල ශ්‍රී ශෛල කූටාරාම පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ විශාඛා කුළඟන සමිතිය මඟින් ඉකුත් උඳුවප් පෝදා අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් පින්කම් රැසක් පැවැත්වූහ. කිරිවැල්දොළ පියනන්ද නාහිමියන්ගේ සහ ගෝනාපීනුවල මේධානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් සිදු කෙරිණි. එම පින්කම් මාලාවට සමිති සමාගම්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස කිරි ආහාර පුජාව පැවැත්වීමෙන් අනතුරුව සහ මිහින්තලා පුදබිමේ දී පැවැති කප්රුක් පූජාවට සහභාගි වූ පිරිසෙන් කොටසක්ද මෙහි වේ.