Print this Article


ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 32 වන උපසම්පදාවාරය

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 32 වන උපසම්පදාවාරය

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 32 වන උපසම්පදාවාරය අප්‍රේල් මස 28, 29, 30 යන දිනවල මාතර කොටුවේගොඩ රන්දුපත ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාර මහා විහාරයේ දී පැවැත්වේ. මෙවර උපසම්පදා අපේක්ෂක සාමණේර හිමිවරුන් සඳහා භික්ෂු ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුව අප්‍රේල් මස 01, 02, 03 යන දිනවල මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ.

2017 අප්‍රේල් 28 වැනි දාට විසිවයස් සපිරුණු උගතමනා බණ දහම් සම්පූර්ණ කළ සාමණේර හිමිවරුන් වෙනුවෙන් මේ දිනවල ලැබෙන සේ ප්‍රධාන ලේඛකාධිකාරී, ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාරය, රන්දුපත, කොටුවේගොඩ, මාතර යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතු ය. පහත සඳහන් ස්ථානවලින් පැමිණ හෝ ලිඛිතව අයදුම්පත් ලබාගත හැකිය. ශ්‍රී සුමනාරාමය, කොට්ටවගම, ගාල්ල උපෝසථාගාර මහා විහාරය, රන්දුපත, මාතර සිත්තම්ගල්ලෙන රාජමහා විහාරය, රම්මල, වරාපිටිය, රන්කොත්මළු රජමහා විහාරය වගේගොඩ, තංගල්ල, ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරය, සපුගොඩ කඹුරුපිටිය, මිහිඳු ආරණ්‍ය සේනාසනය, කුරුන්දන්කුලම, අනුරාධපුරය.