Print this Article


ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම දහම් පාසලේ ස්වර්ණ ජයන්ති සැමරුම 24 දා ඇරඹේ

ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම දහම් පාසලේ ස්වර්ණ ජයන්ති සැමරුම 24 දා ඇරඹේ

ගාල්ලේ ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම දහම් පාසල අරඹා මාර්තු 24 වනදා 50 වසරක් සපිරීම නිමිත්තෙන් 24 වනදා සන්ධ්‍යාවේ අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වේ. එම පූජාව මෙහෙයවන්නේ ගාලු කඩවත් සතර දහම් පාසල් ගුරු සංගමයේ සභාපති තලංගල්ලේ සමිත හිමියන් විසිනි. 26 වන ඉරිදා ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙන අතර එහි මුලසුන හොබවන්නේ ගාල්ල කලේගාන චේතියගිරි පුරාණ මහා විහාරාධිපති බෙලිගල්ලේ සිරි ජිනවංශ මහා නාහිමියන් වහන්සේය. ගාලු දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මහතා ඇතුළු ගිහිපැවිදි ප්‍රභූන් පිරිසක් සහභාගි වීමටද නියමිතය. දහම් පාසල් දරුවන්ට ත්‍යාග ප්‍රදානයට අමතරව වාර්ෂිකව ත්‍යාග පිරිනමනු ලබන පරිත්‍යාගශීලින්ට උපහාර පිදීමටද කටයුතු සංවිධානය කර ඇත.