Print this Article


අක්කරපත්තුව ශ්‍රී විජයාරාම මහා විහාරයේ අභිනවයෙන් විශ්‍රාම ශාලාවක් ඉදි කෙරේ

අක්කරපත්තුව ශ්‍රී විජයාරාම මහා විහාරයේ අභිනවයෙන් විශ්‍රාම ශාලාවක් ඉදි කෙරේ

අක්කරපත්තුව ශ්‍රී විජයාරාම මූලමහා විහාරය වසර 85 පමණ පැරණි ප්‍රදේශයේ විහාරස්ථානයකි. 1930 වර්ෂයේ පමණ දොඩංදූවේ ශ්‍රී ධර්මරත්න අම්පාර, මඩකලපුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හිමියන් විසින් ගොඩනගන ලද්දකි. ඒ සමඟම පන්සල අසලම ශ්‍රී ධර්මරතන සිංහල විදුහල නමින් පාසලක් ද ආරම්භ කරන ලදී. බෞද්ධ පිරිස් හා නැගෙනහිර පළාතේ වන්දනාවේ ගිය පිරිස් අතර මහත් ප්‍රසාදයට හා පූජනීයත්වයට පත් විහාරස්ථානයකි. ප්‍රදේශයේ බෞද්ධ දායකයින්, පොලීසිය, යුද හමුදාව හා පිටපළාත්වල සැදැහැවතුන් එක්ව විහාරයේ ප්‍රතිසංස්කරණය කටයුතු කරමින් පවත්වාගෙන යන බවද කියයි.

අතීතයේ වන්දනාවේ ගිය පිරිස් රාත්‍රී නවාතැන්පලක් ලෙස ප්‍රයෝජනයට ගත් මෙම විහාරස්ථානය වර්තමානයේ වන්දනාවේ යන පිරිස් නවාතැන් සොයාගෙන මෙම විහාරයට පැමිණියත් පහසුකම් සැපයීම බරපතල ප්‍රශ්නයක් වී ඇත්තේ වන්දනා නඩවල පිරිස් වැඩි නිසාත් විහාරයේ නවාතැන් සපයන බණ මඩුව කුඩා වැසි දිනවලට යටවන නිසාත්, විහාරස්ථානයේ බැතිමතුන් සඳහා ඇති වැසිකිළි දෙක තුන දිරාපත් වී ඇති නිසා බවද කියයි.

මෙසේ අපහසුතාවට පත්වන වන්දනාකරුවන් සහ විහාරස්ථානයේ අපහසුතාවයන් මඟහැරවීම පිණිස වන්දනාවේ යන එන බැතිමතුන් සඳහා විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමේ කටයුතු දැන් ආරම්භ කොට ඇත.

සම්පූර්ණයෙන් මහජන ආධාර මත ඉදිකෙරෙන පහසුකම් සහිත වැසිකිලි සංකීර්ණයකින් ද හා කාමර පහසුකම් වලින්ද, ශාලා පහසුකම්වලින්ද එකවර කණ්ඩායම් දෙකකට ආහාර පිසීමට හැකි මුළුතැන්ගෙයකින්ද, ආහාර ගැනීමේ ශාලාවකින් ද සමන්විත වන ලෙස සැලසුම් කොට ඇත. බැතිමතුන්ගේ විශ්‍රාම ශාලාව සඳහා දානපති පින්වතුන්ගේ හා සමිති සමාගම්වලින් පරිත්‍යාග අත්‍යවශ්‍යව ඇති බව කියයි. මෙම පින්කමේ කොටස්කරුවෙකු වී මූල්‍ය පරිත්‍යාග ලබා දී සහයෝගය දක්වන්නැයි ද ඒ සඳහා ‘බැතිමතුන්ගේ විශ්‍රාම ශාලාව ඉදිකිරීමේ අරමුදල’ ශ්‍රී විජයාරාම මහා විහාරය, පොතුවිල් පාර, අක්කරපත්තුව, ලංකා බැංකුව, අම්පාර ශාඛාවේ ගිණුම් අංක 79492053 දරන ගිණුමට මුදල් පරිත්‍යාග බැර කරන ලෙසද මෙම ගිණුමේ භාරකාරකත්වය

1. ශ්‍රී විජයාරාම විහාරයේ විහාරාධිපති දේවගොඩ ශ්‍රී සෝරත හිමි. 2. යුද හමුදාවේ කර්නල් අශෝක හරේන් වීරසිංහ මහතා සහ 3. අක්කරපත්තුව ධර්ම රතන විදුහලේ විදුහල්පති දිසානායක ඩඩ්ලි තිසරාජන් මහතා බවද කියයි. ඔබට ගොඩනැගිලි ද්‍රව්‍ය ද පරිත්‍යාග කළ හැක . විමසීම් – 077 1800195 හෝ 077 251 7099 වේ.