Print this Article


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් කුරුවිට වතුයාය ශ්‍රී අභිනවාරාමයේ සිට ආගමික වැඩසටහන් සජීවීව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් කුරුවිට වතුයාය ශ්‍රී අභිනවාරාමයේ සිට ආගමික වැඩසටහන් සජීවීව

මැදින් පොහොය වැඩසටහන් මෙවර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් කුරුවිට, වතුයාය, ශ්‍රී අභිනවාරාමයේ සිට විසුරුවා හැරීමට ශ්‍රී අභිනවාරාමාධිපති, කුරුවිට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, රත්නපුර, මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙනේ පරිවේණාධිපති ශාස්ත්‍රපති, පණ්ඩිත හේනේපොල සුමනජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් කටයුතු සූදානම් කර ඇත.

පෝදා පෙරවරු 5.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව, 8.00 ධර්මදේශනාව, ශ්‍රී ලංකාරාමඤ්ඤ නිකායේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමි, 9.00 ධර්ම සාකච්ඡාව, රාජකීය පණ්ඩිත මාහල්ලේ විපුලතිස්ස නා හිමි, ශාස්ත්‍රපති රත්නපුරේ සුබෝධ හිමි, 11.00 සම්බුද්ධ පූජාව, හේනේපොල සුමනජෝති හිමි, පස්වරු 1.00 මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහන ජනාධිපති කාර්ය බලකාය මඟින් ඉදිරිපත් කරයි. කුරුවිට ප්‍රාදේශීය මහ ලේකම් දිළිණි ධර්මදාස, පොලිස් ස්ථානාධිපතිතුමා, කථිකාචාර්ය රාජකීය පණ්ඩිත තුඹුගොඩ ආරේ පඤ්ඤාලෝක හිමි, 2.30 ධර්ම දේශනාව, රාජකීය පණ්ඩිත දෙවිපහල දේවමිත්ත නාහිමි, 4.00 ධර්ම දේශනාව, රාජකීය පණ්ඩිත දොඹවෙල විජයඤාණ නාහිමි, 6.30 බෝධි පූජාව, තෙප්පනාවේ පියදස්සි හිමි, රාත්‍රී 9.00 රටට සෙත්පතා සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව පැවැත්වේ. මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති අධිනීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මැතිතුමා ප්‍රමුඛ ආරාධිත පිරිස් සහභාගි වේ.