Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම මැදින් පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම මැදින් පෝදා මිහින්තලා පුදබිමේදී

පින්කමේ මෙවර දායකත්වය ලේක්හවුස් බෞද්ධ සංගමය සහ ලේක්හවුස් අනුරාධපුර ශාඛා කාර්යාලයෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම මැදින් පෝදා මිහින්තලා පුදබිමේදී පැවැත්වේ. එම පින්කමේ මෙවර දායකත්වය ලේක්හවුස් බෞද්ධ සංගමය සහ ලේක්හවුස් අනුරාධපුර ශාඛා කාර්යාලයෙනි. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර ද එම පින්කම සිදු කෙරේ. ඉකුත් වසරේ පොසොන් පෝදා ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු ලේක්හවුස් පාලන අධිකාරියේ මෙහෙය වීමෙන් මාසිකයව සෑම පුර පසළොස්වක පෝදාකම කප්රුක් පූජාව විවිධ ආයතන සහ සැදැහැතියන්ගේ ආධාරයෙන් පවත්වාගෙන යනු ලැබේ. මෙවර එම කප්රුක් පූජා පින්කමේ දායකත්වය ලේක්හවුස් බෞද්ධ සංගමය දරන අතර අනුරාධපුර ලේක්හවුස් ශාඛා කාර්යාල ප්‍රධානි එන්.ටී. මංජුල මහතාගේ සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් සිදුකෙරේ. මිහින්තලා ලේක්හවුස් කප් රුක් පූජා පින්කමේ දායකත්වය දැරීමට කැමැති සංවිධාන හෝ බෞද්ධ සමිති හෝ පරිත්‍යාගශීලීන් වෙතොත් 0779086274/ සීසර් හෝ 0777 207371 ජයමහගෙන් විමසා විස්තර දැනගත හැකි වේ.