Print this Article


දේශමාමක විරුවන් දේශද්‍රෝහීන් කර තිබූ වැරැදි තීන්දුව නිවැරැදි කිරීම ඓතිහාසික අවස්ථාවක්

දේශමාමක විරුවන් දේශද්‍රෝහීන් කර තිබූ වැරැදි තීන්දුව නිවැරැදි කිරීම ඓතිහාසික අවස්ථාවක්

ඌව වෙල්ලස්ස සටනේ නායකයන් ජාතික විරුවන් ලෙස නම් කරන ලද ගැසට් පත්‍රයට අත්සන් තබමින් ජනපති කියයි

රටේ අඳුරු යුගයක සිදු වූ බරපතළ වැරැදි තීන්දුවක් නිවැරැදි කිරීමේ ඓතිහාසික කටයුත්ත වත්මන් රජය සිදුකළ බවත් එය දේශප්‍රේමීන් දේශ දෝහීන් කරමින් රටේ අභිමානයට අවමන් කළ සංසිද්ධියක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

තිස් වසරක යුද සමයේ රට වෙනුවෙන් සටන් වැදුණු සියලු ආරක්ෂක හමුදා පොලීසිය ඇතුළු විරුවන් දේශප්‍රේමීන් බවද මෙවැනි අවස්ථාවක ඔවුන්ට ජාතියේ අභිමානය පිරිනැමිය යුතු බවද ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ මහනුවර ඓතිහාසික මගුල්මඩුවේදී ඉකුත් දා (01) පැවැති ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට නායකත්වය දුන් විරුවන් අසූ දෙදෙනෙකු ජාතික විරුවන් ලෙස නම් කිරීමේ ගැසට්පත්‍රය අත්සන් තබමිනි.

විරුවන්ට අභිමන් ගෙන දුන් එම උළෙල උත්තමාභිවන්දනා යළි ලියැවෙන වීරනාමාවලිය ලෙස නම් කර තිබිණි. වසර 1818 ජාතික නිදහස් අරගලයට නායකත්වය ලබා දුන් දේශීය විරුවන්ට රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර මරණ දණ්ඩනය නියම කිරීමටත්, රටින් පිටුවහල් කිරීමටත්, සුදු අධිරාජ්‍යවාදීන් විසින් කටයුතු යොදා තිබුණි.

දළදා මාලිගා පරිශ්‍රයේ ඇති වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ පිළිරුවට සහ කැප්පෙටිපොළ නිලමේතුමාගේ ස්මාරකය වෙත ජනාධිපතිවරයා පුෂ්පෝපහාර දැක්වීමද එහිදී සිදු විය.

මල්වතු,අස්ගිරි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහ සඟරුවනින් කොටසක්

ජනාධිපතිතුමා ගැසට් පත්‍රයට අත්සන් තැබූ මොහොත

ජනාධිපතිතුමා මැතිඇමැතිවරුන් සමඟ
පැමිණ සිටි මැති ඇමැතිවරුන්ගෙන් කොටසක්

ගැසට් පත්‍රයට අත්සන් තැබීමෙන් පසුව ජනාධිපතිවරයා මහා සඟරුවන සහ මැති ඇමැතිවරුන් සමඟ සමූහ සේයාරුවකට පෙනී සිටි අවස්ථාව