Print this Article


වතුලියද්දේදී පින්කම් මාලාවක්

වතුලියද්දේදී පින්කම් මාලාවක්

උඩවෙල වතුලියද්ද ශ්‍රී සුගත බිම්බාරාමය, ජන උදානගම ශ්‍රී මහින්දාරාමය, මොරගොල්ල ශ්‍රී මහා බෝධි විහාරය යන විහාරත්‍රයාධිපති ගැවිලිපිටියේ පාලිත මා හිමියන්ගේ මෑණියන්ගේ 17 වන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් ඉහත විහාරස්ථානවල සිව්පසයෙන් උපස්ථාන කොට පරලොව සැපත් සියලු දෙනාද සිහිපත් කර මාර්තු 04 වන දා සහ 5 වන දා පින්කම් මාලාවක් වතුලියද්ද සුගත බිම්බාරාමයේ දී පැවැත්වේ.

4 වන දා සවස 5 ට බෝධි පූජාවක්ද රාත්‍රී 9 ට කැකිරිගොඩ අරියනන්ද හිමියන්ගේ දහම් දෙසුමක්ද 9 ට සෙත් පිරිත් දේශනාවද 5 වන දා වතුලියද්ද පදිංචි ඩබ්ලිව්.ජී. සෝමරත්න මහතාගේ සහ ජී.ජී. ශි‍්‍රයාකාන්ති මහත්මියගේ පුත් චාරුක දිල්ශාන් සෝමරත්න කුමරුවා පැවිදි බිමට පත් කිරීම ද සිදුකෙරේ. එම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නා හිමියන් ඇතුළු මහ සඟරුවන සහභාගි වේ.