Print this Article


ගල්ගමුවේ ධම්මසීල සිල්මාතාවගේ තෙමස් සමරු පින්කම

ගල්ගමුවේ ධම්මසීල සිල්මාතාවගේ තෙමස් සමරු පින්කම

ශාසනික හා සාමාජික මෙහෙවරක් සිදුකරමින් සිටියදී වසර 57 ක් ආයු වළඳා අපවත් වී වදාළ දිවුලපිටිය දූනගහ අනුලාරාමාධිපතිනි ගල්ගමුවේ ධම්මසීලි සිල්මාතාවගේ තුන්මස් පූර්ණ ගුණ සමරු පින්කම මාර්තු 04 – 05 යන දෙදින දී දූනගහ අනුලාරාමයේ දී පැවැත්වේ.

අනුලාරාමාධිපති ධර්මාචාරිනි කහඳවැලිපොත සුමිත්‍රා සිල්මාතාවගේ අනුශාසනා පරිදි එම පින්කම සිදුකරනු ලබන්නේ ගුණ සමරු කමිටුව හා දායක මහ සභාව විසිනි. මාර්තු 04 දින රාත්‍රී ආශිර්වාදාත්මක බෝධි පූජාව පැවැත්වෙන අතර, අනතුරුව ශාස්ත්‍රවේදී වෑගොව්වේ ශ්‍රී රාහුල හිමියන් විසින් ගුණසමරු ධර්ම දේශනය පවත්වනු ලබයි.