Print this Article


පිළියන්දල සංකල්ප විහාරයේ පන්ලක්ෂයක් මල් පූජාකිරීමේ පින්කම මැදින් පෝදා

පිළියන්දල සංකල්ප විහාරයේ පන්ලක්ෂයක් මල් පූජාකිරීමේ පින්කම මැදින් පෝදා

පිළියන්දල මාකන්දන වැලිතොටුව වත්ත සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මල් ලක්ෂයක් පූජාකිරීමේ පින්කම මෙවරද (මාර්තු 12 වන) මැදින් පුර පසළොස්වක පෝදාට යෙදී ඇත. පන්ලක්ෂයකට අධික මල් ප්‍රමාණයක් පූජා කිරීමට කටයුතු සංවිධානය කර ඇත. මෙවරද ඉන්දියාවෙන් දාස් මල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් රැගෙන එන අතර නෙළුම් මල් ලක්ෂයක්, අරලිය මල් ලක්ෂයක්, රෝස, ඩේලියා, කපුරු ආදී විචිත්‍ර මල් වලින් මෙම පින්කම වර්ණවත් වී ඇති බව කියයි.

හැකි පමණින් මල් සොයා සංකල්ප විහාරස්ථානයට දොළොස්වන දින ගෙනවිත් භාරදෙන ලෙස ඉල්ලීමක් කෙරේ. මල් සහ ආධාර මුදල් භාර ගැනීමේ විශේෂ කාර්යාලයක් 11 වන දින සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල විවෘතව පවතී. මල් අවශ්‍ය අයට එම කාර්යාලයෙන් මල් ලබා ගත හැකි බව ද කියයි. විහාරාධිපති, ප්‍රධාන අනුශාසක උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම සිදු කෙරේ.