UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කෑගල්ල නාපේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඉකුත්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එම අවස්ථාවට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, අතාවුද සෙනෙවිරත්න මහතා ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාවට නැංවීමේ සමාරම්භක උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඉකුත්දා (17) පැවැත්විණි. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වෙබ් අඩවිය ජනගත කළ අවස්ථාව. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්වරු සහ එම අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.

අරණායක සාමසාරකන්ද නාය යෑමෙන් අවතැන් වු ජනතාවට රයිනෝ රැෆින් ප්‍රොඩක්ට් ආයතනයේ අනුග්‍රහයෙන් අරණායක වසන්තගම ඉදිකළ නිවාස 20 ක් අවතැන් ජනතාවට ලබාදීම සහ තවත් නිවාස ඉදිකිරීම සඳහා චෙක්පත් ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (19) දා සිදු විය. එහිදී අග්‍රාමාත්‍යතුමා විසින් නිවසක යතුරක් නිවාස ලාභියෙකුට ලබාදුන් අවස්ථාව. රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන ලලිත් දිසානායක සහ නිමල් ජයසිංහ මහත්වරු ද එම අවස්ථාවට එක්වූහ.

බොරලැස්ගමුව වාපිකාරාමයට අනුබද්ධිත මහරගම වත්තේගෙදර අභිනවයෙන් ඉදිකරන ලද කමල් ශ්‍රී බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කිරීම කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. එහිදී උන්වහන්සේගේ සුරතින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරුණු අවස්ථාව. ඡායාරූපය – කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය පුරාවිද්‍යා සංගමය විසින් සද්ධර්ම පුස්තක පූජාභිවන්දනා 2017 මැයෙන් පාසල් පරිශ්‍රය සහ සෙසු සැදැහැති දායකත්වයෙන් අනුරාධපුර, වව්නියා, මුලතිව් දිස්ත්‍රික්කවල සියලු පිරිවෙන් වෙත (පිරිවෙන් 44) මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් විසින් රචිත ධර්ම පුස්තක ඒ ඒ පිරිවෙන් පුස්තකාල වෙත ගොස් පූජාකිරීම පසුගියදා සිදුකරන ලදී. රාජසිංහ මහා විද්‍යාලයේ පුරාවිද්‍යා සංගමයේ උපදේශක සිරිපාල ගමගේ, මේනක සූරියප්පෙරුම , කර්නල් එම්.එල්. එම්. නිමල් මහත්වරු එම අවස්ථාවට සහභාගි වූහ.

අන්තර් ආගමික සහ අන්තර් වාර්ගික විවිධත්වය මත සංහිඳියාව ගොඩ නැගීම සඳහා වූ ජාතික අන්තර් ආගමික සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත්දා (20) පැවැත්විණි. මෙරට සාමය ස්ථාපිත කර එය මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට සියලු ආගමික නායකයන්, දේශපාලනඥයන්,කලාකරුවන්, විද්වතුන් මෙන්ම මාධ්‍ය එක්ව ක්‍රියාත්මක විය යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලය බේක්ලි මධ්‍යස්ථානය ආගමික ඉතිහාසය හා ජාත්‍යන්තර කටයුතු බාහිර කථිකාචාර්ය ආචාර්ය ඇටිපොල මංගල හිමියෝ පැවැසූහ. ජාතික සහජීවන සංවාද සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

 
 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]