UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරු පින්කමෙන් ...
 

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 131 වන ජන්ම සමරු පින්කම ඉකුත්දා (18,19) ලේක්හවුස් ආයතනයේදී පැවැත්විණි. කොළඹ 02 ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ) අනුශාසනා පරිදි එම පින්කම සිදු කෙරිණි. 18 වනදා සර්ව රාත්‍රික පිරිත් දේශනාව ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර එහිදී ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා විසින් පැරැණි සිරිතට අනුව දැහැත් වට්ටියක් ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් වෙත පිළිගන්වා පිරිත් දේශනාවට ආරාධනා කළ අවස්ථාව.

\

පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රධාන ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න,මුදල් අධ්‍යක්ෂ ආචාර්ය එම්රික් ප්‍රනාන්දු, සමාගමේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු සේවක සේවිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.

\

දානමය පින්කමේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අටපිරිකර පූජා කළ අවස්ථාව.

දානමය පින්කමේදී රංජිත් විජයවර්ධන මහතා විසින් අටපිරිකර පූජා කළ අවස්ථාව.

දානමය පින්කමේදී පූජනීය මහ සඟරුවන වෙත ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ,රංජිත් විජයවර්ධන, ලේක්හවුස් සභාපති කාවන් රත්නායක, අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න යන මහත්වරු සහ මහභාරකාර තරංගනි කීනවින්න මහත්මිය දානය පිළිගැන්වූ අවස්ථාව.

පැන් වඩා පින් පැතූ අයුරු.

වැඩම කළ මහසඟ රුවනින් කොටසක්

සේයා රූ - සමන් ශ්‍රී වෙදගේ

 
 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]