Print this Article


මනෝ උපදේශන සේවාවක්

මනෝ උපදේශන සේවාවක්

විවිධ මානසික හා සමාජයීය ගැටලු සඳහා නොමිලයේ උපදෙස් සැපයීමේ මනෝ උපදේශක සේවාවක් සැපයීමට දම්රිවි පදනම විසින් කටයුතු සංවිධානය කොට ඇත. පදනමට දසවසරක් සපිරීම නිමිත්තෙන් එම උපදේශන සේවාව සිදුකෙරෙන අතර පුද්ගල ආතතිය අවම කරගනිමින් සතුටින් ජීවත්වීමට මගපෙන්වීම එහි අරමුණයි.

සුවපත් මනසක් තුළින් සැපවත් දිවියක් යන තේමාව ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවද කියයි. මානසික කඩා වැටීමට ලක්වූ අයගේ මානසිකත්වය යළි නගා සිටුවීමේ සුවිශේෂ වැඩසටහන් ඒ ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. පහත දුරකථන අංක ඔස්සේ වේලාවක් වෙන්කර ගැනීමෙන් බදාදා උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලයේදි උපදේශන සේවාව ලබාගත හැකි බවද කියයි දුරකථන අංක :– 0117272555,0777888322ලිපිනය :– දම්රිවි පදනම අංක 51 හි ඒ, ඉසිපතන මාවත, හැව්ලොක් ටවුම කොළඹ 05