Print this Article


දරුවෝ දොළොස් දෙනෙක් සසුන් කෙතට

දරුවෝ දොළොස් දෙනෙක් සසුන් කෙතට

ඉංගිරියේ දීපාලෝක විහාරාධිපති මුදුන්කොටුවේ ශාන්තසිරි නාහිමියන්ගේ ජන්ම දිනය සහ විද්‍යාවර්ධන මූලික පිරිවෙන අරඹා වසර 90 ක් පිරීම නිමිත්තෙන් කුල දරුවන් 12 දෙනෙකු මෙම 18 වනදා පැවිදි බිමට පත් කෙරේ.

ඊට සමගාමීව 16 වනදා රාත්‍රි 7 ට මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ දහම් දෙසුමක්ද 17 වනදා මහබුලන්කුලමේ ගුණරතන, හිමියන් ගනේකන්දේ චන්දරතන යන හිමිවරුන්ගේ යුගාසන කාව්‍ය ධර්ම දේශනාවක්ද 18 වනදා කුලදරුවන් 12 දෙනෙකු සසුන්ගත කිරීමද දවාල සපිරිකර සංඝගත දක්ෂිණාවද රාත්‍රී 7 ට ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් මෙහෙයවන ඖෂධ පූජාවද 19 වනදා රාත්‍රි 7 ට දොඩම්පහළ රාහුල හිමියන්ගේ දහම් දෙසුමක්ද 20 වනදා සාමණේර භික්ෂු පුහුණු වැඩමුළු හා කළුතර දිසා පිරිවෙන් සඳහා ශිෂ්‍යාධාර පිරිනැමීමද සිදුකෙරේ. පැවිදි කෙරෙන කුලදරුවන් මෙසේය.