Print this Article


ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරුවට පින්කම්

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරුවට පින්කම්

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 131 වන ජන්ම සමරුව නිමිත්තෙන් මෙම මස 18 සහ 19 වනදා ලේක්හවුස් ආයතනයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.

18 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වෙන අතර එහි මහ පිරිත් දේශනාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මඟින් සජීව විකාශනය කෙරේ. 19 වන දා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමේ.

පිරිත් දේශනාව ඇතුළු එම පින්කම කොළඹ ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ) අනුශාසනා පරිදි සිදු කෙරේ. කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියන් ඇතුළු මහ සඟරුවන ද වැඩම කෙරේ.

මෙම පින්කම ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ප්‍රධාන ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රහයෙන් සහ සියලු සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ. ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් පින්කම් කටයුතු සංවිධානය කෙරේ.