Print this Article


මිහින්තලේ ලේක්හවුස් කප්රුක් පූජාව මෙවරත් නවම් පසළොස්වක පෝදා

මිහින්තලේ ලේක්හවුස් කප්රුක් පූජාව

මෙවරත් නවම් පසළොස්වක පෝදා

වළවාහැංගුණවැවේ
ධම්මරතන හිමි
ඌරාගොඩ
අමරවංශ හිමි

මිහින්තලේ මහ සෑ රදුන් වහන්සේ උදෙසා මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සෑම මසකම පුර පසළොස්වක පෝදා පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙම නවම් පුර පසළොස්වක පෝදා 10 දා ද සිදු කෙරේ. නවම්පුර පසළොස්වක පෝදා වේයන්ගොඩ මාරපොල ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරාධිකාරී ඌරාගොඩ අමරවංශ හිමියන්ගේ සහ වැල්ලවත්ත ස්වර්ණබෝධි විහාරාධිපති කිරිවැල්දොල පියනන්ද නා හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම සිදුකෙරේ.

කළගුණ සළකමු පදනම, වැල්ලවත්ත පියනන්ද සමාජ සේවා පදනම, ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරයේ දායක සභාව ඇතුළු චන්ද්‍ර ෆොන්සේකා මහතා ඇතුළු දායක පිරිසකගේ දායකත්වයෙන් මෙවර එම පින්කම සිදුකෙරේ.