UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මහරගම පතිරගොඩ, නාලන්දාරාම පාර, නො. 85/2 හි එම්.එල් ගයාන් ලක්මාල් නමැති අයට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සැත්කමක් සිදු කිරීමට නියමිත බව කියයි. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බැවින් වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් දුරකථන අංක 0766 335686, 0777 33 56 86 වෙතද දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

*****

අංක 156 / ඩී, ඕපාත කොටුගොඩ යන ලිපිනයේ පදිංචි ධම්මිකා නිශාන්ති නමැත්තියට වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව ඇති බව කියන අතර මුළුමනින්ම දෑස නොපෙනෙන ඇයට අවශ්‍යව ඇත්තේ “ඒ හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බවද කියයි. ඇයගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට පිහිට විය හැකි වකුගඩු පරිත්‍යාගශීලියෙකු වේ නම් (නිශාන්ත 0776269170) දුරකථනයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ. එම ශල්‍යකර්මය සඳහා ඇයට විශාල මුදලක් වැයවේ යැයි අපේක්ෂා කෙරෙන බැවින් මුල්‍යාධාර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක ( 100980304557) යන ගිණුමට බැරකළ හැකි බවද දන්වා සිටින්නීය.

*****

පොල්ගස්ඕවිට වෙනිවැල්කොළ 111/1 හි පදිංචි ආරියවතී මහත්මිය දකුණු පාදයේ ආබාධයක් ඇති වී තිබෙන බවද ඊට ශල්‍ය කර්මයක් කළ යුතුයැයි වෛද්‍ය නිර්දේශය බවද කියයි. ජීවත්වීම සඳහා සැමියාට ද ස්ථිර රැකියාවක් නොමැති අතර පාසල් වියේ පසුවන දරුවන් සිටින බව ද කියයි. 0724481635 දුරකථනයෙන් වැඩි විස්තර දැනගත හැකි අතර කහතුඩුව මහජන බැංකුවේ ගිණුම් අංක 327 – 2 – 001 – 0 – 0557631 වෙත ආධාර කළ හැකි බවද දන්වා සිටී.

*****

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන වයස අවුරුදු 32 ක් වන සිය දියණියට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති හෙයින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට පරිත්‍යාගශීලී භවතෙකුගෙන් ඇයගේ පියා වන කොට්ටාවේ පදිංචි ඩබ්. සුමනසිරි මහතා උපකාරයක් බලාපොරොත්තු වෙයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් දු. අං. 077 6793192 ට අමතන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කරයි.

*****

හොරම්පැල්ල මහගම නො. 458/4 එස්.පී. රෝහණ සරත්චන්ද්‍ර දෙදරු පියෙක් වන අතර දැනට වසර 10 සිට රෝගාතුරව පසුවන බවද බෙල්ලේ ස්නායු රෝගයකින් සහ හදවත් රෝගයකින් දුක් පීඩා විඳින අයෙක් වන බවද වැඩක්පලක් කිරීමට නොහැකි බවද කියයි. එම රෝගය පාලනය කිරීම සඳහා දැනට ඖෂධ පාවිච්චි කරන බැවින් ඊට මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එම මුදල සොයා ගැනීම අපහසු වී ඇති බවද කියයි. ඔහුගේ දරු දෙදෙනා, පාසල් යන අතර දියණියක් ‘විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇති බවද කියයි. බිරිඳට ස්ථිර රැකියාවක් නොමැති බවද කියයි. ආර්ථික දුෂ්කරතාවලින් පසුවන හෙයින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි. මිනුවන්ගොඩ ශාඛාවේ ලංකා බැංකුවේ ගිණුම් අංකය 76692984 දුරකථන අංකය 077 4840246

*****

පොල්ගස්ඕවිට, හල්පිට, ගොඩපරගහවත්ත 36/118 හි පදිංචි අයි.එච්.එස්. ගුණවර්ධන වකුගඩු රෝගයකට පාත්‍රව සිටින හෙයින් දෙදරු මවක් වන ඇය 2014 වසරේ සිට මේ දක්වා පීඩා විඳින බවද කියයි. ඇය දැනට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි ද කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0710911382 දුරකථනයෙන් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන දා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]