පාතේගම ඤාණිස්සර හිමියන් ලියූ කරුමයේ අරුමය 27 වන දා දොරට වඩී
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ලියන “කර්මය පල දෙන හැටි” පොත් පෙළෙහි තුන්වැන්න
“කරුමයේ අරුමය” ග්‍රන්ථය එළි දැක්වීමේ උළෙල ජනවාරි 27 වන සිකුරාදා උදේ 10.00 ට කොළඹ
10, මරදාන පාරේ (ආනන්ද විද්‍යාලය අසල) අංක 717/1 ස්ථානයේ පිහිටි ‘සාහිත පොත් පියසේ’
දී පැවැත්වේ.
මෙහිදී කතුවර මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගේ අත්සන සහිතව විශේෂ අඩු මිලට එම
ග්‍රන්ථයත් සමඟ 2017 වසරේ විශාල ප්‍රමාණයේ දින දර්ශනයක් නොමිලයේ ලබාදීමට ද කටයුතු
යොදා ඇතැයි සාහිත ප්‍රකාශයෝ පවසති. |