ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්
චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ
 |
ගිරාඹේ ආනන්ද
නා හිමියන් වෙත නිරෝගි සුව සහ දීර්ඝායුෂ පැතූ අවස්ථාව. |
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන්
විහාරාධිපති පණ්ඩිත ගිරාඹේ ආනන්ද නා හිමියන් වෙත නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය අසළ දී පුරා දින හතක්
පින්කම් රැසක් සිදු කෙරිණි. එම පින්කම් මාලාව මංජුල පතිරණ මහතා සහ අනුෂ්කා මල්ගොල්ල
මහත්මිය විසින් සංවිධානය කර තිබූ අතර පින්කම් මාලාවේ මුල්‍ය දායකත්වය ද දරා තිබුණි.
ඉකුත් දුරුතු පොහෝ දින නන් දෙසින් කැඳවාගෙන ආ උපාසක උපාසිකාවන් සියයක් දසසිල්
සමාදන් කර ධර්ම දේශනා, කාව්‍ය ධර්ම දේශනා, දවල් සපිරික සංඝගත දක්ෂිණාද පැවැත්වූහ.
එම අවස්ථාවට පොතානේ ධම්මානන්ද නාහිමි, සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති මීවැල්ලාවේ
ධම්මකිත්ති හිමි ඇතුළු මහා සංඝ රත්නය සමඟ කඩ පනහ විහාරමහාදේවී ආරාමාධිපතිනි දමිතා
මෙහෙණින් වහන්සේ ඇතුළු මෙහෙණින් වහන්සේලා ද, මංජුල පතිරණ, අනුෂ්කා මල්ගොල්ල යන
මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. |