Print this Article


සාර්ථක විවාහයක නිවැරැදිතෝරා ගැනීම

සාර්ථක විවාහයක නිවැරැදිතෝරා ගැනීම

සංසාරය පිළිබඳව,කර්මය පිළිබඳව, බුදුපියාණන් වහන්සේ පිළිබඳව, සම්මා ආජීවය පිළිබඳව යනාදී වශයෙන් දෙදෙනාම එක සමානව කාරණා පිළිගන්නවා නම්,එම දෙදෙනා අතර ගැටුම් අවම වීමටත් සමඟිය උතුරා යාමටත් ප්‍රධාන හේතුවක් වෙයි. විවාහකයන් වන ඔබ එම තත්ත්වය එකිනෙකා ඉක්මවා නොගිය යුතුයි.

මෙම ලිපියෙහි කොටසක් (ජනවාරි 19) වැනිදා දුරුතු අව අටවක පෝදා පත්‍රයේ පළවිය.

සද්ධර්මයෙහි පවතින ඒහිපස්සික බව, ඕපනයික බව, අකාලික බව, සන්දිටිඨික බව, පච්චත්තං ෙවිදිතබ්බ බව බිරිඳ විසින් යමි සේ පිළිගන්නවාද,සැමියාද එලෙසම පිළිගත යුතුයි. උතුම් ආර්යන් වහන්සේලාගේ සුපටිපන්න ගුණ දහම් පිළිබඳව සැමියා තුළ යමිකිසි විශ්වාසයක් පවතී නම්, ඒ හා සමාන විශ්වාසයක් බිිරිඳට පැවතිය යුතුයි.

තුණුරුවන් පිළිබඳ තමන් සමශ්‍රද්ධාවකින් කටයුතු කරනවා නම්, එම පිරිස සසරෙහි නැවත නැවත මුණ ගැසෙයි. අධ්‍යාත්මික වශයෙන් පිළිගැනීම එකක් වෙයි. අධ්‍යාත්මිකව පිළිනොගන්නා ආකාරයේ අධ්‍යාත්මික පිළිගැනීම් දෙකක් තුළ විසංවාදයක් ගොඩනැඟුන හොත් නොගැලපීම අධ්‍යාත්මික පිළිගැනීම් දෙකක් වෙයි. සසර තුළ එකසමාන අධ්‍යාත්මික විශ්වාස තිබෙන පිරිස් එකට හමුවිය යුතුයි. එසේ නොමැතිව විවාහ නොවිය යුතුයි. මිනිසුන් තුළ පවතින රාගය කෙටි කළකින් අවසන් වේ.

විවාහට යමෙකු තෝරාගැනීමෙදී ප්‍රධාන විය යුත්තේ සමශ්‍රද්ධාවයි.මැරෙන තුරු ගැටුම් නැතිව ජීවත් වීමට නම්, දෙදෙනාම පවට බිය විය යුතුයි. පව පව ලෙස පිළිගන්නා අතර පින පිළිබඳ දරන ස්ථාවරය එකක් විය යුතුයි. පව සහ පින එසේ පිළිගැනීමට නොහැකි නම්, ගැටුම් නිර්මාණය වෙයි. පව පින එකම ආකාරයෙන් පිළිගන්නා දෙදෙනෙකු වුවහොත් ලජ්ජාව සහ බය එක සමානව ඇති වෙයි.නකුල මාතාව හා නකුල පියතුමා සිතින්වත් නොඉක්මවන්නේ එම නිසයි. දෙදෙනාම කාම මිථ්‍යාචාරය පවක් බව පිළිගන්නා නිසාම එම දෙදෙනාම ඔවුනොවුන් ඉක්මවා යන්නේ නැහැ. එය සාමාන්‍ය දෙයක් ලෙස පිළිගන්නා තැනැත්තියක හෝ තැනැත්තෙකු වුවහොත් එම ගෘහ ජීවිතය ගැටුමක්ම වෙයි. වෛරයක් ද්ෙවිශයක් කලකිරීමක් හා අසහනයක් මිස සැනසිල්ලක් ඉතිරි නොවෙයි.

තමාගේ ජීවිතය තුළ සම ශ්‍රද්ධාව තිබෙන පිරිස තමා සමඟ එක්කාසු කරගෙන සිටිය හොත් යම් ආකාරයක ගැලවීමක් තමාට ලැබෙයි.

සංසාරය පිළිබඳව,කර්මය පිළිබඳව, බුදුපියාණන් වහන්සේ පිළිබඳව, සම්මා ආජීවය පිළිබඳව යනාදී වශයෙන් දෙදෙනාම එක සමානව කාරණා පිළිගන්නවා නම්,එම දෙදෙනා අතර ගැටුම් අවම වීමටත් සමඟිය උතුරා යාමටත් ප්‍රධාන හේතුවක් වෙයි. විවාහකයන් වන ඔබ එම තත්ත්වය එකිනෙකා ඉක්මවා නොගිය යුතුයි. වර්තමානය තුළ විවාහ ජීවිත ගත කරන ස්වාමියා බිරිඳ එම විශ්වාසය කඩනොකළ යුතුයි. දෙදෙනාගේම පිළිගැනීම එකක් බවට පත්කරගැනීමට දෙදෙනාම උපරිම උත්සාහයක යෙදිය යුතුයි. දැක්මක් ලෙස දාර්ශනික එකඟතාවයක් ගොඩනඟා ගැනීම අනිවාර්ය වෙයි.

ගිහියන්ට ඊළඟ භවයෙහි එකම සංවාසයක් , එක හමුවක්, එකට ජීවත් වීමක් අවශ්‍යයි නම්,සීලය එක සමානව ආරක්ෂා කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ දෙවන කාරණය ලෙස යෝජනා කරයි. අප එකට ජීවත් වීම වෙනුවෙන් අපගේ පිළිගැනීම විය යුත්තේ දෙදෙනා විසින්ම ආරක්ෂා කරන සීලය දෙදෙනා විසින් එක සමානව රැකිය යුතුයි. බිරිඳ පමණක් සිල් ආරක්ෂා කළාට ස්වාමිපුරුෂයා සිල් ආරක්ෂා කරන්නේ නැති නම්,එය සම සීලයක් නොවෙයි. සිල් පද පහම එක සමානව ආරක්ෂා කරගැනීමට දෙපාර්ශවයම එකඟ වීම අවශ්‍යයි. ඒ සඳහා සමශ්‍රද්ධාව උපකාර වෙයි.පව සහ පින පිළිබඳව පවතින විශ්වාසය සීලය ආරක්ෂා කිරීමට උපකාර කරයි. පව විශ්වාස නොකරයි නම්, සතර අපාය,පේ‍්‍රත විෂය, අසුර ලෝක පිළිනොගනී නම්, එවැනි පුද්ගලයෙකු පාණාතිපාතා සිල් පදය නොකඩන බවට විශ්වාස කළ නොහැකී. සතර අපාය විශ්වාස කරන පුද්ගලයන් පමණක් පාණාතිපාතා ආරක්ෂා කරයි. මිනිසෙක් ලෙස මනුෂ්‍ය ආත්මය ලැබුවත්,ඊළඟ ආත්මයෙහි සුනඛයෙක්ව ඉපදීම ප්‍රශ්නයක් නැහැ යනුවෙන් සිතනවා නම් , ඔහුට හෝ ඇයට කාමමිථ්‍යාචාරයෙහි යෙදීම ගැටලුවක් නොවෙයි.කාමමිථ්‍යාචාරයෙන් වැළකී සිටීමට උත්සාගනු ලබන්නේ ශ්‍රද්ධාව ඇති තැනැත්තෙකු හෝ තැනැත්තියක පමණයි.ශ්‍රද්ධාව නොමැතිව සීලයක් ඇතිවන්නේ නැහැ. මේ රෙටි මිනිස්සු මේ තරමි පන්සිල් ගන්නවා නම්, ඒ පන්සිල් ගන්නා ප්‍රමාණයට අනුව පන්සිල් නොරකින්නේ ඇයි ? යනුවෙන් යම් පුද්ගලයෙකු ප්‍රශ්න කරනවා නම්,එයට හේතුව වන්නේද, මේ රටේ මිනිසුන්ගෙන් සියයට පනහකට හැටකට පමණ සතර අපාය පිළිබඳ විශ්වාසයක් නොමැතිකමයි.

තුණුරුවන් පිළිබඳව, බුදුපියාණන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව විශ්වාසයක් නැතිව අඩක ප්‍රමාණයක් බටහිර අදහස් සමඟ ජීවත් වන ඇතැම් පුද්ගලයන්ට ධර්මය පිළිබඳව ශ්‍රද්ධාවක් නැහැ. බටහිර පිළිගැනීම අනුව මිනිසුන් වානරයන්ගෙන් පැවත එන පිරිසක් වෙයි. අපගේ පිළිගැනීමට අනුව පින් කළ සත්ත්වයෝ මේ ලෝකය විනාශ වන විට ආභස්සර බ්‍රහ්ම ලෝකයට යන බවත් ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සිටි පිරිස් මේ පෘතුවිය නැවත සැකසුණාට පසුව මුදවන ලද කිරි හට්ටියක් ලෙස පෘතුවිය පවතින අවස්ථාවෙහි ආභස්සර බ්‍රහ්ම ලෝකය තුළින් පින් ඇති සත්ත්වයන් ෙමි ලෝකයට පැමිණි බව බෞද්ධ පිළිගැනීම වෙයි.වානරයන්ගෙන් පැවතුන බව බෞද්ධ පිළිගැනීම නොවෙයි. වර්තමාන ලෝකයතුළ අලුත් පර්යේෂණවලට අනුව ප්‍රධානම නිරීක්ෂණය වන්නේද මෙම පෘතුවිය ජනාවාස කරනු ලැබුවේ පිටසක්වලින් පැමිණි පිරිසක්ද ? යන්න සොයාබැලීමයි. වෙනත් සක්වලක වෙනත් චක්‍රාවාටයක ජීවත් වන පිරිසක් ජනාවාස කළාද ?යන්න පිළිබඳව ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් පරීක්ෂණ පවත්වනු ලබයි. එම කරුණු සනාථ කිරීම උදෙසා අවශ්‍ය වන සාධකද ක්‍රමයෙන් මතුවෙමින් එයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේද, ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි පිරිස් මේ ලෝකය ජනාවාස කළ බවයි. එම ජනාවාස කිරීම සඳහා පින සහ පව සම්බන්ධ වෙයි. මේ ලෝකය විනාශ වෙද්දී ඉර හතක රස්නය පෘතුවිය දැනී පෘතුවිය ගිනිගෙන දැවෙද්දී පින් ඇති සත්ත්වයෝ බ්‍රහ්ම ලෝකය තුළ උප්පත්තිය ලැබූ බවයි. එම පිරිස නැවත මේ පෘතුවිය සැකසෙණ අවස්ථාවෙහි මේ ලෝකයට පැමිණ ඇති බවයි. ඒ අනුව බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක විශ්වාස නැති පිරිස් ,යහපත්ව ජීවත්වන්නේ නැහැ. බ්‍රහ්ම ලෝක පිළිබඳ, දිව්‍ය ලෝක හය පිළිබඳ ශ්‍රද්ධාව තිබෙන පුද්ගලයා පමණක් අකුසල් නොකර පින් කරයි. ඔවුන් අඩුම වශයෙන් සද්පුරුෂ සිතිවිලි සමඟ ජීවත් වෙයි.

එක සමාන වූ ශිලයක් යමිකිසි දෙපිරිසක් අතර පවත්වාගෙන යනවා නම්, දෙදෙනෙකු අතර සිල්වත් කම එක සමාන මට්ටමකට ගොඩනඟා ගන්නවා නම්,ඒ පිරිස සංසාරය තුළ එම සමානකම සම්බන්ධ වීමට හේතු වෙයි. ප්‍රාණඝාත නොකර , සොරකම් නොකර, කාමමිථ්‍යාචාරයෙහි නොයෙදුන පුද්ගලයන් එම තත්ත්වය සංසාරය පුර පුරුදු පුහුණු කර තිබෙනවා නම්. එවැනි දෙදෙනෙකු කිසියම් ආත්මයක මුණ ගැසෙනවා නම්, කෙතරම් සාමකාමි ෙවිවිද?එම දෙදෙනා අතර බොරුව, හොර මැරකම්, කාමමිථ්‍යාචාරය නැතිව යයි. සංසාරය තුළ එවැනි හමුවීමක් ලැබුණහොත් කෙතරම් සැනසිලිදායක ලෙස ජීවත් විය හැකිද? ඊළඟ ආත්මය තුළ හෝ විසංවාදයක් නොමැතිව ගැටුම් නැතිව සතුටින් ජීවත් විමට නම්, අඩුම වශයෙන් මේ භවය තුළවත්සීලය ආරක්ෂා කළ යුතුයි. දීර්ඝ කාලීනව එවැනි ප්‍රතිපත්තියක සිට, ඊළඟ ආත්මයේදීත් මෙම සීලයේ සත්‍ය බලයෙන් , අප එකිනෙකා මුණගැසි යුතු බවට ප්‍රාර්ථනා කළ හොත් එවැනි පිරිස් මුණගැසෙන බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

එක සමාන වූ සිල්වත්කම හා එකසමාන වූ ශ්‍රද්ධාව සත්‍ය ක්‍රියාව වෙයි. එක සමානව පන්සිල් ආරක්ෂා කරනවා යනු එක සමාන සෙසු සීලයන්ද රැකීමයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් (පෙබරවාරි 04) නවම් පෝදා පත්‍රයේ පළවේ.