Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මණ්ඩාවල, පොල්ගස්ලන්ද පාර, අංක 425 නිවසෙහි පදිංචි එක්දරු පියකු වන කේ. අජිත් කුමාර දරුණු වකුගඩු ආබාධයකින් රෝගාතුරව සිටින බැවින් වෛද්‍ය උපදෙස් මත ඔහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති බව කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති “ඒ” හෝ “ඕ” වර්ගයේ ලේ ඇති පරිත්‍යාගශීලියෙකු වේ නම් 077 6531122 දුරකථන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


කවුඩුවාව අටකලන්පන්නේ පදිංචි අයි.බී. සුසන්ත සිරිලාල් මහතාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට මහනුවර වකුගඩු රෝහලේ වෛද්‍ය වසීම් මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා වකුගඩුවක් පිරිනමන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කෙරේ. 045 22 73330, 071 6101613 දුරකථන අංක වෙතින් වැඩි විස්තර දැන ගත හැකි බවද කියයි.


අංක – ටී, 170, හල්ගහ වත්ත, බේස්ලයින් මාවත, කොළඹ 08 දරණ ලිපිනයේ පදිංචි එච්.ඒ. වසන්තා මංජුලා කුමාරි තිදරු මවකි. ඇයගේ වකුගඩු දෙකම ක්‍රියා විරහිත වී දැනට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙමින් දුෂ්කර ජීවිතයක් ගත කරන අතර මේ වන විට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ඉතා ඉක්මනින් වකුගඩු බද්ධ කිරීමට නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා හැකි පමණ ආධාරයක් අපේක්ෂා කෙරේ. වැඩි විස්තර සඳහා දුරකථන අංක 0778710957 හෝ 0773763975 වෙතින් ලබාගත හැකි අතර කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8020004517 වේ.


මාරාවිල, වීරහේන, ඇල්බට් පීරිස් මාවතේ 1 වැනි පටුමඟ ලිපිනයේ පදිංචි එච්.ජේ.ජේ. ඇන්ටනි පෙරේරා මහතා දරුණු හදවත් රෝගයකින් පෙළෙන අතර, ඔහුට ඉක්මනින් හෘද සැත්කමක් කළයුතු බවට හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි.

එම ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැය වන අතර, එතරම් මුදලක් සොයා ගැනීමේ හැකියාවක් තමන්ට නැතැයි ඇන්ටනී පෙරේරා මහතා පවසයි. තම සැත්කම කර ගැනීම සඳහා ආධාර කළ හැකි අයෙකු වේ නම්, එම ආධාර නාත්තන්ඩිය මහජන බැංකු ශාඛාවේ එච්, ඒ.ජේ. ජේ. ඇන්ටනි පෙරේරා නමින් විවෘත කර ඇති 083 200236974161 දරන ගිණුමට බැර කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඔහු ඉල්ලීමක් කරයි. වැඩිදුර තොරතුරු 0777 899556 හෝ 0727899550 යන අංකයන්ගෙන් ලබාගත හැක.