Print this Article


රත්ගම විපස්සි නා හිමියන්ගේ ජන්ම දිනය සමරා පින්කම්

රත්ගම විපස්සි නා හිමියන්ගේ ජන්ම දිනය සමරා පින්කම්

අඹන්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරය, පානකාව පුරාණ විහාරය යන උභය විහාරාධිපති හබුදුගල ශ්‍රී දේවානන්ද විහාරස්ථානයේ නිර්මාතෘ විශ්‍රාමික විදුහල්පති කෑගලු දිසාවේ ප්‍රධාන සංඝ නායක රත්ගම සද්ධර්ම කීර්ති ශ්‍රී විපශ්‍යාභිධාන නාහිමියන්ගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් ජනවාරි 06 වන දා ඇරැඹුණු පින්කම් මාලාව මෙම 22 වනදා දක්වා පැවැත්වේ.

ජනවාරි 18 වන දා අභිනව සෑරදුන් සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමියන්ගේ සුරතින් හා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සුරතින් සිදුකිරීමට නියමිතව තිබිණි.

සබරගමු පළාත් සභාවේ විපක්ෂ නායක පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.සෝමදාස මහතාගේ ධන පරිත්‍යාගයෙන් එය ඉදිවේ.