Print this Article


අසිරිමත් මහ බෝ වන්දනාව 21 වැනිදා

අසිරිමත් මහ බෝ වන්දනාව 21 වැනිදා

මහනුවර සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහ බෝ පෙරහර සහ මහ බෝ වන්දනාව ජනවාරි මස 21 වැනි සෙනසුරාදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පැවැත්වේ. එම මහා පූජාව සඳහා නන් දෙසින් එන සැදැහවත් ජනතාව සමඟ මහා සංඝ රත්නය ද වැඩම වීමට නියමිතය.

මහනුවර කටුගස්තොටින් පෙරවරු හයට පිටත්වන රථ පෙරහරට පොළොන්නරුව, කොළඹ, කුරුණෑගල, අම්පාර, මහියංගණය ආදී ප්‍රදේශ වලින් පැමිණෙන ජනතාව දඹුලු විහාරස්ථානය අසළ දී ඒකාබද්ධ පෙරහරක් වශයෙන් සම්බන්ධ වේ. පස්වරු එකට රුවන්වැලි මහ සෑරදුන් අසළින් පිටත්වී 4.30 ට මහ බෝ වන්දනාව ආරම්භ වෙයි. රටටත්, ජනතාවටත් සෙත් පතා පැවැත්වෙන එම මහ බෝ වන්දනාව සඳහා සුදු වතින් සැරසී පැමිණෙන ලෙස සැදැහැවතුන්ට ආරාධනා කෙරේ.