Print this Article


දෙමටගහකන්දේ සමිතානන්ද නා හිමි

දෙමටගහකන්දේ සමිතානන්ද නා හිමි

ඇල්පිටිය, දූව, පිටුවල දිවංකරලෙන ආරණ්‍ය සේනාසනාධිපති දෙමටගහකන්දේ සමිතානන්ද නා හිමියන්ගේ සිය (55) පණස් පස් වැනි ජන්ම දිනය ජනවාරි 11 වෙනි දිනට යෙදී තිබිණි.

කරන්දෙණිය දෙමටගහකන්ද ග්‍රාමයේ ජන්ම ලාභය ලැබූ උන්වහන්සේගේ දෙමවුපියන් වූයේ ඉලන්දාරිදේව ජෙද්‍රික් උපාසක මහතා හා ඩොලිනෝනා උපාසිකා මාතාවයි. ඇතළුගල්ල රජයේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා දර්ශන් සිරිසුමන කුමරුවා ද්විතීයික අධ්‍යාපනය ඇල්පිටිය ශාන්ත මරියා මහා විද්‍යාලයෙන් සපුරා ගත්හ. 1982 ජූනි 03 දින දෙමටගහකන්දේ සමිතානන්ද නමින් ප්‍රව්‍රජ්‍යාභූමියට ඇතුළත් විය. තිබ්බොටුවාව වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ වැඩ වාසය කරමින් උන්වහන්සේ පැවිදි උපසම්පදාව ලැබුවේ සංඝ මූලස්ථානාධිපති අපවත් වී වදාළ වතුරුවිල ඤාණානන්ද වනවාස මහා නා හිමියන් වෙතිනි. දිවංකර ලෙන ආරණභූමියට වැඩම කළ උන්වහන්සේ කටුක දුෂ්කර දිවියක් ගත කරමින් ලෙන තුළ දර්ශනීය බුද්ධ මන්දිරයක් ගොඩනගන ලදී.

උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද කුරුඳුගහ හැතැප්ම අනුරුද්ධ නම සිරිසුගත යෝගාශ්‍රමය, රෑකඩහේන මිනුවන්දෙණිය සතිපට්ඨාන භාවනා යෝගාශ්‍රමය හා දෙමටගහකන්ද ශ්‍රී රාහුල විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා පිටුවල දිසාලෙන සෙනසුන් හි වැඩ වසන තම ශිෂ්‍යවරයන් වහන්සේලා උත්තුංග ශාසනික සේවයක් ඉටු කරන්නේ ය.