Print this Article


උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්ම දිනයට ආශිර්වාද පතා පින්කම්

උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්ම දිනයට ආශිර්වාද පතා පින්කම්

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්ම දිනයට ආශිර්වාද පතා පින්කම් මාලාවක් ජනවාරි 09 වනදා සිට ජනවාරි 20 දක්වා පැවැත්වේ.

09 වැනිදා – මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගින් සඳහා ලේ දන්දීමේ පින්කමක්ද, එදින රාත්‍රී 7.00 ආශිර්වාද බෝධිපූජා මහා පින්කම සහ 10 වනදා පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා වියළි ආහාර සහ තැඹිලි පරිත්‍යාග කිරීම, දුරුතු පෝදා දවස පුරා ධර්ම දේශනා භාවනා ඇතුළත් සිල් වැඩසටහනද, 19 වැනිදා මහනුවර දළදා මාලිගාව සහ බදුල්ල, මුතියංගණ සෑ රදුන් උදෙසා කප්රුක් පුජාව සහ ආශිර්වාද පූජාවක්ද, 20 වනදා, මහියංගණ සෑ රදුන් සහ පොළොන්නරුව සෝමවතිය සෑ රදුන් උදෙසා කප්රුක් පූජාව සහ ආශිර්වාද පූජාවක්ද පැවැත්වීමට සංකල්ප දායක සභාව ඇතුලු විහාරස්ථ සංවිධාන එකමුතුව පින්කම් මාලාවක් සංවිධානය කර ඇත.