Print this Article


ස්වර්ණමාලී මහ සෑ වන්දනාවට දාස්පෙතියා මල් පූජාවක්

ස්වර්ණමාලී මහ සෑ වන්දනාවට දාස්පෙතියා මල් පූජාවක්

අසිරිමත් ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේ කෝටියක් දාස්පෙතියා මලින් පිදීමේ පින්කම් මාලාවට සුවඳ පැණින් සෑ මළුව දෝවනය කිරීමත්, අලංකාර කංචුක 7 පැළදවීම හා පූජා කිරීමත්, ජයශ්‍රී මහා බෝධින් වහන්සේට අටපිරිකර 1500 ක් හා රුවන්වැලි මහා සෑයට අටපිරිකර 5000 පූජා කිරීමත්, මුතුකුඩු 1000 ඇතුළු සෙසු පිරිකර පූජා කිරීමත්, ධර්මාසනයක් ඇතුළු ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කිරීමද ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වෙයි.නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන්ගේ හා කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකරි කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් නාථගනේ අග්ගවංශ හිමි, තල්ගමුවේ සුධීරානන්ද හිමි, ලග්ගල කල්‍යාණවංශ හිමි, කැලණියේ විපුලඤාණ හිමිවරුන්ගේ ධර්ම දේශනා මාලාවක්ද ජනවාරි 29 වනදින සවස 4.00 සිට පැවැත්වීමට නියමිත බව කියයි.

පින්කම් මාලාවට ජනවාරි 30 දින උදෑසන කිරිආහාර හා විලඳ මී පැණි පාත්‍ර 108 මහාසෑය වෙත පූජා කිරීමද සිදුකෙරේ. සියක් නමකට අධික මහා සංඝරත්නය උදෙසා දානමය පින්කම පැවැත්වෙයි.