Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව දුරුතු පෝදා

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව දුරුතු පෝදා

ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් සෑම පුර පසළොස්වක පෝදාකම මිහින්තලා මහ සෑය වෙත සිදු කෙරෙන කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාව ද, මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම දුරුතු පෝදා හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. කප්රුක් පූජා පෙරහර දුරුතු පෝදා (12) පස්වරු 2 ට මිහින්තලේ සාංචි විහාරය අසලින් ආරම්භ කෙරේ. මිහින්තලේ මහ සෑ වන්දනාව සඳහා මාසිකව සිදු කෙරෙන කප්රුක් පූජාවේ දායකත්වය දැරීමට කැමැති බෞද්ධ සංවිධානවලට සහ සැදැහැතියන් වෙත ආරාධනා කරන අතර වැඩි විස්තර සීසර් සුදුසිංහ 0779086274 හෝ ශාන්ත ජයමහ 0777207371 දුරකතන අංක වෙතින් දැනගත හැකිය.