Print this Article


හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඉකුත්දා (27) අභාවප්‍රාප්ත විය. ඒ මහතා මිය යන විට 83 වන වියේ පසුවිය. මිය යන විට රත්නසිරි වික්‍රමනායක මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය ඉකුත්දා (28) පාර්ලිමේන්තු පරිශ්‍රයේ තැන්පත් කර තිබූ අතර අවමංගල්‍යය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉකුත්දා (31) හොරණදී සිදු කෙරිණි. ජනතාවගේ ගෞරවය දිනාගත් ජනනායකයකු වූ ඒ මහතා කුසුම් වික්‍රමනායක මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික්‍රමනායක මහතා ඇතුළු දරුවන් තිදෙනෙකුගේ දයාබර පියාණන් වේ.

ඒ මහතාගේ දේහය හොරණ පිහිටි සිය නිවසේ 31 වනදා දක්වා තැන්පත් කර තිබුණි.