Print this Article


වැසි සහිත කාලගුණයක් පතා රටට හා ජනතාවට ආශිර්වාද පැතීම

වැසි සහිත කාලගුණයක් පතා රටට හා ජනතාවට ආශිර්වාද පැතීම

දැනට පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය මඟ හරවා නව වසර ආරම්භයේ දී රට තුළ යහපත් කාලගුණික තත්ත්වයක් උදාකර ගැනීම සඳහා සියලුම ආගමික පූජක තුමන්ලාට ආරාධනා කරමින් සෑම ආගමික ස්ථානයකදීම ආගමික වැඩසටහන් (බෝධි පූජා, සෙත් පිරිත්, ආගමික යාඥා මෙහෙයන්) ආදිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණික ඉල්ලීමක් කෙරේ. ඒ බව ජනාධිපති ලේකම්තුමා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ප්‍රධාන ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා ඇත.