Print this Article


කප්රුක් පූජාවක් සහිත ගිරි භණ්ඩ පූජාවක්

කප්රුක් පූජාවක් සහිත ගිරි භණ්ඩ පූජාවක්

ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් සෑම පුර පසළොස්වක පොහෝ දිනකම මිහින්තලා මහා සෑයට සිදුකෙරෙන කප්රුක් පූජාව මිහින්තලා රාජමහා විහාරාධිපති, වළවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි දුරුතු පෝදා ද පැවැත්වේ. 2017 ජනවාරි 12 දුරුතු පුරපසළොස්වක පොහෝ දින එම පින්කම ඉබ්බාගමුව නැලව පොත්ගුල් විහාරයේ හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

එදින වැඩසටහන

උදෑසන 5.30 ට අටසිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම, 6.15 ට හීල් දානය පිරිනැමීම, 7.00 – 7.30 විවේකය, 7.30 – 10.30 භාවනා කිරීම හා ධර්ම සාකච්ඡා පැවැත්වීම, ඉබ්බාගමුව, වලව්වත්තේ පදිංචි මහජන බැංකුවේ විශ්‍රාමලත් නිලධාරී ඊ.එම්. ඒකනායක මහතා විසින් සිදුකරනු ලැබේ. දවල් 10.30 – 11 සම්බුද්ධ පූජාව, 11 – 12 දවල් දානය පිරිනැමීම, 1.00 – 2 පිරිත් දේශනාව ප.ව. 2.30 සිට කප්රුක් පූජා පෙරහර මිහින්තලේ සාංචි විහාරයේ සිට මහසෑය දක්වා. 3.15 ට කප්රුක් පූජාව සහ ගිරිභණ්ඩ පූජාව පැවැත්වීම. කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විද්‍යායතනාධිපති ඓතිහාසික ලුණුකඩ වැල්ල රාජමහා විහාරයෙහි භාරකාර ශාස්ත්‍රපති පණ්ඩිත කිරිදිගල්ලේ ඤාණරතන හිමියන් විසින් සහ සවස 5.30 සිට 6.30 දක්වා පිරිත් සජ්ඣායනය හා පිරිත් නූල් බෙදා දීම. මීගමුව කුරණ මංගල පාරේ පදිංචි ශ්‍රී ලාල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.