Print this Article


ගස්පේ ජයවර්ධනාරාම පුරාණ විහාරයේදී වාර්ෂික පින්කම්

ගස්පේ ජයවර්ධනාරාම පුරාණ විහාරයේදී වාර්ෂික පින්කම්

ගස්පේ ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මහා පින්කම 79 වන වරට ඉකුත් 23 වනදා ඇරැඹුණු අතර මෙම මස 31 වන දා දක්වා එය පැවැත්වේ. දිනපතා රාත්‍රී 7 – 8 දක්වා දහම් දෙසුම් පැවැත්වෙන අතර 27 වන දා තෝරපිටියේ ආනන්ද නාහිමි දම් දෙසුම පවත්වන අතර 28 වන දා දවල් සූවිසි මහා බුද්ධ පූජාව ද රාත්‍රී ගිලන්පස බුද්ධ පූජාවද යටගම උදයධම්ම හිමියන්ගේ දහම් දෙසුමක්ද 29 වන දා රාත්‍රී තිස් පැය තුනේ පරිත්‍රාණ ධර්ම දේශනාවද 30 වන දා රාත්‍රී ග්‍රාම ප්‍රදක්ෂිණා මහා පෙරහර ද 31 වන දා දවල් බුදුපාමොක් සංඝගත දක්ෂිණාවද පැවැත්වේ.