Print this Article


අමුණුගොඩ සිරි පැරකුම්බා රජමහ විහාරයේ වාර්ෂික පින්කම

අමුණුගොඩ සිරි පැරකුම්බා රජමහ විහාරයේ වාර්ෂික පින්කම

ගම්පහ අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථ 65 වැනි දුරුතු මහා පින්කම මෙවරත් බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයත් අමුණුගොඩ ශ්‍රී මේධානන්ද මහා ස්වාමීන්වහන්සේගේ ගුණානුස්මරණයත් නව වසරට සෙත් පැතීමත් විහාරාධිපති සියනෑකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අමුණුගොඩ ශ්‍රී සෝමානන්ද නා හිමියන්ගේ 85 වෙනි ජන්ම දිනයත් නිමිති කරගෙන ජන. 01 සිට පෙබරවාරි 01 දක්වා පැවැත්වේ. ජනවාරි 01 සිට 09 දක්වා අසූමහා ශ්‍රාවක පූජාවන්ද 10 සිට 27 දක්වා ධර්මදේශනා ද 28 සඟසතු දානමය මහා පින්කම 29 තිස්පැය හතේ පිරිත් දේශනයද පැවැත්වේ. පෙබරවාරි 01 දොරකඩ අස්න සහ අනුශාසන දේශනය වේ. ජනවාරි 10 දේවාලේගම මේධානන්ද හිමි, 11 පානකාවේ පේමරතන හිමි, 12 නැදගමුවේ විජය මෛත්‍රී හිමි, 13 අක්මීමන ධම්මපාල හිමි, 14 බෝගහවැව රතන හිමි, 15 බොරැල්ලේ අතුල හිමි, 16 බුත්කන්දේ රතනජෝති හිමි, 17 ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 18 කොටුවිල විමලකිත්ති නාහිමි, 19 මල්වානේ චන්දරතන හිමි, 20 සන්නස්ගල බුද්ධපි‍්‍රය හිමි, 21 කිහිඹියේ විජිත නාහිමි, 22 ගම්පහ සිරිසීවලී හිමි, 23 මහල්කොටුවේ යසස්සි හිමි, 24 නෙළුවාකන්දේ ඤානානන්ද හිමි, 25 හඟුරන්කෙත චන්දරතන හිමි, 26 අම්බලපිටියේ ධම්මික හිමි, 27 වැලමිටියාවේ කුසලධම්ම නාහිමි එහිදී දම් දෙසුම් පවත්වති.