Print this Article


කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය ඉකුත් ඔක්තෝබර් 13 වන දා ආරම්භ වූ අතර ජනවාරි 13 වනදා දක්වා එය පැවැත්වේ.

ඔක්තෝබර් 29 වන දා සිට 2017 ජනවාරි 04 තෙක් දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා පැවැත්වීමද ජනවාරි 05 වන දා සිට 8 වනදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාවද පැවැත්වේ. ජනවාරි 09 වන දා රාත්‍රී 8.30 උඩමළුවේ පෙරහරද 10 වනද රාත්‍රී 8.30 ට දෙවැනි වීදි පෙරහරද 11 වන දා රාත්‍රී 8.30 ට මහ පෙරහරද පැවැත්වේ. දෙසැම්බර් 28 වන දා ශාස්ත්‍රපති රත්කරව්වේ පේමානන්ද හිමි, 29 වන දා පණ්ඩිත බලබෝවේ විමලකිත්ති හිමි,30 වනදා ශාස්ත්‍රපති දොඩම්පහළ රාහුල හිමි, 31 වන දා සියඹලාගොඩ ධම්මින්ද හිමි ජනවාරි 1 වන දා දර්ශනපති කොස්වත්තේ අරියවිමල හිමි 2 වන දා ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි 3 වන දා ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමි 4 වන දා උඩුවේ ධම්මාලෝක හිමි එම දම් දෙසුම පවත්වති.