Print this Article


මිහින්තලා මහ සෑ වන්දනාව 31 දා බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන්

මිහින්තලා මහ සෑ වන්දනාව 31 දා බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන්


වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි


දරණාගම කුසලධම්ම හිමි

ඓතිහාසික මිහින්තලා රාජ මහා විහාරස්ථානයේ දී මෙම මස 31වනදා සවස 4 සිට මිහින්තලා වන්දනා පුණ්‍ය මහෝත්සවයක් මිහින්තලා රජ මහා විහාරාධිති හා භාරකාර ශාස්ත්‍රපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

ඒ අනුව 31 වන දා පස්වරු 4 ට අසූහාර දහසක පහන් පූජාව හා හේවිසි ශබ්ද පූජාව ද අම්බස්ථල සෑ රදුන් උදෙසා විශේෂ මල් පූජාවක්ද සිදු කෙරේ. අනතුරුව ගැබිණි මව්වරුන් 100 කට අවශ්‍ය උපකරණ පිරිනැමීම හා වියළි ආහාර සළාක 500 ක් පිරිනැමේ. ඉපැරැණි ඖෂධ වර්ග 1008 කින් යුක්ත අධිෂ්ඨාන පූජාවක්, විදුලි ආලෝක පූජාවෙන් පසුව පස්වරු 7 සිට ධර්ම දේශනා 13 ක් පැවැත්වෙන අතර එම දේශකයන් වහන්සේලා දොළොස්වල උදිතධීර හිමි, ගම්පහ පාසාදික හිමි, ගම්පහ මහානාම හිමි, කැලණියේ අජිත හිමි, අලුත්ගම පඤ්ඤාසාර හිමි, කොටනෙලුවේ පුඤ්ඤානන්ද හිමි, කහගොල්ලේ සෝමවංශ හිමි, රදාවඩුන්නේ ඤාණවිමල හිමි, හාපිටිගම විජිත නා හිමි - කෝරළයාගම සරණතිස්ස නා හිමි, රිදියගම ඤාණතිලක නාහිමි, වැල්ලම්පිටියේ විනයවංශ හිමි, ඔලගන්වත්තේ චන්දසිරි හිමි වේ. පෙරවරු 5.30 දහසක් කිරි ආහාර පාත්‍ර පූජාවද 6 ට ශතාධික සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමේ.