Print this Article


දඹදිව වන්දනා චාරිකා සංවිධාන ගැන අදහස් ඉල්ලයි

දඹදිව වන්දනා චාරිකා සංවිධාන ගැන අදහස් ඉල්ලයි

දඹදිව වන්දනා චාරිකා සංවිධාන ආයතන මඟින් 2016 වර්ෂයේ දඹදිව වන්දනා චාරිකා සිදු කිරීම සඳහා පිටත්ව ගිය බැතිමතුන් තමන් රැගෙනගිය දඹදිව වන්දනා සංවිධාන ආයතන සම්බන්ධයෙන් අදහස් හා පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇත්නම් ඒවා ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට මෙම මස 31 දිනට පෙර යොමු කරන ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශය කියයි. මේ වන විට 2017 වසර සඳහා සුදුසුකම් සපුරා ඇති දඹදිව වන්දනා චාරිකා සංවිධාන ලියාපදිංචි කිරීමද සිදුකරන බව අමාත්‍යාංශය කියයි.

ලේකම්, බුද්ධශාසන අමාත්‍යාංශය, නො. 135, ධර්මපාල මාවත, කොළඹ 07 ලිපිනය වේ.