Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අසාධ්‍ය රෝගියෙකුට ‘ඕ’ පොසිටිව් වර්ගයේ නිරෝගී වකුගඩුවක් ඉක්මනින් අවශ්‍යව ඇති බැවින්, පරිත්‍යාගශීලින්ගේ සහාය පතයි. මෙය ජීව දානයක් බව ද කියයි. දුරකතනය 071-4474125 අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.


ගාල්ල වුඩ්වඩ් මාවත අංක 111/ 9 ඒ පදිංචි රුවන් එස්. ලියනගේ (අවුරුදු 37) එක් දරු පියා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආචාර්යවරයකු වන අතර දැනට රුධිර කාන්දු කරන ප්‍රතිකාරය ලබමින් පසුවන අතර ඒ මහතා සුවපත් කිරීමට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0716554781 හෝ 0716554782 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


කැලණිය පට්ටිය හන්දියේ රෝමානු කතෝලික විදුහලේ තුන (03) ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින වයි.ජී. සමන් ඉසුරු (07) දරුවා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවද මෙම දරුවාට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය ආර්. සෙනාල් තල්ගහගොඩ මහතා නිර්දේශ කර ඇතැයිද කියයි.

මාස හයක් ඇතුලත ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවද දැනුම් දුන් බව එම දරුවාගේ පියාවන සරත් ආනන්ද මහතා පවසයි. දරුවා සුවපත් කර ගැනීම සඳහා මුදල් සහ වකුගඩුවක් නොමැති නිසා ඔහුගේ දෙමාපියන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. වයි.ජී. සමන් ඉසුරු දරුවා සුවපත් කර ගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් පරිත්‍යාගශීලි ජනතාවගේ සහය පතයි. ඒ සඳහා වකුගඩුවක් හෝ මුදල් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු සිටීනම් 0779635771 දුරකථන අංකයට කතා කර තොරතුරු ලබා ගත හැකි බවද පියා කීය. ලංකා බැංකුවේ පෑලියගොඩ ශාඛාවේ කේ. කාලියප්පන්කන් අම්මා වන දරුවාගේ මවගේ නමට ඇති අංක 70709017 දරණ ගිණුමට මුදල් පරිත්‍යාග කළ හැක.


ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකුගේ එකම පුතා වන ඩබ්ලිව්.ඩී. එස්.ඩී. පීරිස් (අවු. 30) ගේ වකුගඩු දෙකම අක්‍රියවීම හේතු කොට ගෙන දැනට රුධිර කාන්දුකරණය කරනු ලබන අතර “ඒ” පොසිටිව් හෝ “ඕ” පොසිටිව් රුධිර වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශය වන අතර වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙත්නම් 0714472338 දුරකතන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


වකුගඩු රෝගියකු සඳහා ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0779816899 දුරකතන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.