Print this Article


දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අඩ සිය වස් ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් දෙසැම්බර් මස 10 වන දින සිට 16 වන දින දක්වා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.

12 වන දින සවස 5.00ට මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ ධර්ම දේශනාවක් ද දෙසැම්බර් 13 දවල් අර්ධ ශතාධික ගරුතර මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද 14 වන දින රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද, 15 වන දින පෙ. ව. 7.00ට මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද එදින සවස 6.30ට දීගල පියදස්සී හිමියන්ගේ මෙහෙයවීමෙන් ආශිර්වාද, අධිෂ්ඨාන අබතෙල් පහන් පූජාවක් ද වේ. 16 වන දින සවස 6.00ට සරස්වතී පූජාව දෙල්මෑල්ලේ සුමනරතන හිමිගේ ජන්ම දින උපහාර ගීය හා බොදු බැති ගී සරණිය, අඩු ආදායම් ලාභී පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් 2017 වසරේ පොත් කට්ටලය ලබාදීම ද සිදු කෙරේ.