Print this Article


දෙහිවල සංඝමිත්තා පෙරහර

දෙහිවල සංඝමිත්තා පෙරහර

දෙහිවල ශ්‍රී සුබෝධාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී සංඝමිත්තා පෙරහර 85 වන වරටත් දෙහිවල ශ්‍රී සුබෝධාරාම පුරාණ රජමහා විහාරාධිපති කුට්ටිගල චන්දසුමන හිමියන්ගේ අනුශාසනා පරිදි උඳුවප් පෝදා පැවැත්වේ.

ශ්‍රී සංඝමිත්තා පෙරහර නිමිත්තෙන් ධර්ම දේශනා පින්කම් මාලාව 07 වෙනි දින ඇරැඹුණු අතර 12 වන දින දක්වා රාත්‍රී 7.00 ට ධර්ම දේශනාවන් පැවැත්වේ. 9 වෙනිදා වල්පොල ගෝතම හිමි, 10 වෙනිදා ගොම්බද්දල දමිත හිමි, 11 වෙනි දින කහගොල්ලේ සෝමවංශ හිමි, 12 වෙනිදා මාලිම්බඩ පඤ්ඤාසාර හිමි එම දම් දෙසුම් පවත්වති.