Print this Article


කල්‍යාණ ධර්ම පෙරමුණේ වාර්ෂික පින්කම 26,27 කතරගම

කල්‍යාණ ධර්ම පෙරමුණේ වාර්ෂික පින්කම 26,27 කතරගම

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ මගින් කතරගම පුදබිමේ වාර්ෂිකව පවත්වනු ලබන පින්කම් කටයුතු 58 වැනි වර්ෂයටත් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය හා අෂ්ඨඵල බෝධින් වහන්සේ අබියස දෙසැම්බර් මස 25,26,27 යන දිනයන්හි පැවැත්වීමට ශී‍්‍ර කල්‍යාණ ධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර ඇත. දෙසැම්බර් මස 25 දින අලුයම කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ මූලස්ථානයෙන් ඇරඹෙන කතරගම වන්දනා ගමන බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට පැමිණ උපාසක උපාසිකාවන් අටසිල් සමාදන්වී කතරගම බලා ගමන් ආරම්භ කර කලුතර බෝධින් වහන්සේ වෙතට පැමිණ ආගමික කටයුතු පැවැත්වේ.