Print this Article


ගංගොඩවිල සෝම හිමි සමරා අනුරාධපුරයේ දී පින්කම්

ගංගොඩවිල සෝම හිමි සමරා අනුරාධපුරයේ දී පින්කම්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් ගේ දහතුන් (13) වන ගුණානුස්මරණය නිමිත්තෙන් මහරගම සමාධි වන්දනා පදනම සංවිධානය කරන පුණ්‍යෙීත්සවය දෙසැම්බර් 10 – 11 යන දිනයන්හි ඓතිහාසික අනුරාධපුර මහ මෙවුනා උයනේ දී පැවැත්වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි. අභයගිරි විහාරාධිකාරී කල්ලංචියේ රතනසිරි නාහිමිවරුන් ප්‍රධාන අටමස්ථානයට අයත් විහාරාධිකාරී හිමිවරුන්ගේ ආශීර්වාදය තුළින් එම පින්කම පැවැත්වේ. දෙසැම්බර් 10 දින පස්වරු 4.00 සිට 10.00 දක්වා අලුත්ඔය සද්ධාතිස්ස හිමියන් මෙහෙයවන බුද්ධ වන්දනා වැඩසටහන ද දෙසැම්බර් 11 දින මහ බෝ සමිඳුන්ට අලුයම කිරිපිඬු පූජා කිරීම හා එදින හීල් දානය හා දවල් දානය පිරිනැමීම සිදු කෙරේ. කිරිපිඬු රැගත් පෙරහර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ සිට මහ බෝ සෙවන වෙතට ගමන් කරවන අතර දවල් සහ හීල්දානය සාරානන්ද පිරිවෙන් ස්ථානයේ දී භික්ෂු භික්ෂුණීන් පන්සියය (500) ක් වෙනුවෙන් පිරිනමනු ඇතැයි සමාධි වන්දනා පදනමේ ලේකම් එච්.ඒ. ප්‍රසන්න පෙරේරා මහතා කීය.