Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ නගර සභා පරිශ්‍රයේ දී පසුගියදා (25) ගම්මඩු ශාන්ති කර්මයක් පැවැත්විණි. කොළඹ නගර සභාව විසින් රටට, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මැති ඇමැතිවරුන් ඇතුළු ආරක්ෂක අංශයන් හා කොළඹ නගරවාසීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එය සංවිධානය කර තිබිණි.
එම ශාන්තිකර්ම උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමතනු ලැබූ අතර එහිදී මූලික ආගමිකවතාවත්වල නිරත වූ අවස්ථාව.
එම අවස්ථාවට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්. එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමන් මහත්වරු සහ රෝසි සේනානායක මහත්මිය සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා ඇතුළු කොළඹ නගර සභාවේ සේවකයෝ සහ ඔවුන්ගේ පවුල්වල අය ඇතුළු විශාල පිරිසක්ද පැමිණ සිටියහ.

යක්කලමුල්ල, දුනුකිත්තල ආරණ්‍ය සේනාසනයේ විදුලි ආලෝකය නොමැතිවීම අඩුපාඩුවක්ව පැවතිණි. ‘විදුලමු ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් එම සද්කාර්යය විවෘත කළ අවස්ථාව.