Print this Article


ඌරුබොක්කේ පඤ්ඤාවංශ නා හිමියන්ගේ ජන්ම සමරුව හා කිදෙල්පිටියේ ආර්ය මෛත්‍රී නා හිමියන්ගේ

ඌරුබොක්කේ පඤ්ඤාවංශ නා හිමියන්ගේ ජන්ම සමරුව හා කිදෙල්පිටියේ ආර්ය මෛත්‍රී නා හිමියන්ගේ
පැවිදි දිවිය සමරා මුන්දලමේ දී පින්කම්

මුන්දලම ශ්‍රී බෝධිරාජාරාමාධිපති පිළියන්දල විද්‍යාශාන්ති මහ පිරිවෙන්හි පරිවේනාධිපති පුත්තලම් දිසාවේ ප්‍රධාන සංඝ නායක “පඤ්ඤාරංසිවංශාවතංස” ඌරුබොක්කේ පඤ්ඤාවංශ නාහිමියන්ගේ 58 වන ජන්ම දිනය නිමිත්තෙන් සහ කිදෙල්පිටියේ ආර්ය මෛත්‍රී නාහිමියන්ගේ පැවිදි දිවිය සමරා මුන්දලම බෝධිරාජාරාමයේ දී දෙසැම්බර් 10 වන දා පෙරවරු 9 ට පින්කම් මාලාවක් ආරම්භ කෙරේ.

ඒ නිමිත්තෙන් බෝධිරාජ දහම් පාසලේ සහ මාංචෝල දහම් අසපුවේ සිරි සදහම් පාසලේ සිසු දරුවන් වෙත පාසල් උපකරණ බෙදාදීමත් වියළි ආහාර ප්‍රදානයක් සහ වෛද්‍ය සායනයක්ද විහාරස්ථ දායක පිරිස සඳහා දිවා ආහාරය පිරිනැමීමක් ද සිදු කෙරේ.