Print this Article


හැව්ඕවිට ඉන්දරතන නා හිමි ජන්ම දින සමරුවට පින්කම්

හැව්ඕවිට ඉන්දරතන නා හිමි ජන්ම දින සමරුවට පින්කම්

පිටබැද්දර, ගොරකවෙල ශ්‍රී ගංගාගිරි විහාරස්ථානය ඇතුළු සිව්මහා විහාරාධිපති, පිටබැද්දර ශ්‍රී විපුලසාර පරිවේණාධ්‍යක්ෂ මාතර පළාතේ ප්‍රධාන සංඝනායක, ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාතිස්ස, ප්‍රවීණාචාර්ය හැව්ඕවිට ඉන්දරතන නා හිමියන්ගේ 75 වන ජන්ම දිනය දෙසැම්බර් 05 දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පූජාවක්, සෙත් පිරිත් දේශනයක් හා ගිලන්පස දානයක් පැවැත්වීමට ශිෂ්‍ය පිරිස කටයුතු යොදා ඇත.

ඒ අනුව දෙසැම්බර් 05 දින රාත්‍රී 07.00 ට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ආශිර්වාද පූජාවක් පවත්වනු ලබන අතර පසුව රාත්‍රී 8.00 ට සෙත් පිරිත් දේශනාවක් හා මහා සංඝ රත්නය විෂයෙහි චතු මධුර ගිලන්පස දානයක් පැවැත්වීමට නියමිතව තිබිණි.